ලංකාවේ මාළු වලට ඇමරිකාවෙන් තහනමක් වැටෙන ලකුණු

0
74
views

දැනට ජාත්‍යන්තර මුහුදේ මාළු ඇල්ලීම සඳහා බහුදින ධීවර යාත්‍රා විසින් භාවිතා කරන මරුවැල් හෙවත් Long Line නැමැති ධීවර පන්න ක්‍රමයට ඩොල්ෆින් මසුන් හසුවීම වැළැක්වීමට මෙරට ධීවර ප්‍රජාව විසින් පියවර නොගතහොත් ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකාව විසින් එක්සත් ජනපදයට අපනයනය කරනු ලබන මසුන් සඳහා එරට බලධාරින් විසින් තහනමක් පැනවීමේ අවදානමක් මතු වී තිබේ.

මේ සම්බන්ධයෙන් වහාම සියලු දෙනා අවධානය යොමු කර ඩොල්ෆින් මසුන් ආරක්ෂා කර ගැනීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ධීවර ඇමැතිවරයා පවසයි.

මරුවැල්වල යොදා තිබෙන ඇම ආහාරයට ගැනීම සඳහා පැමිණෙන ඩොල්ෆින් මසුන් එම බිලී කොකුවලට හසුව මිය යයි. එම නිසා මරුවැල් පන්න ක්‍රමයේදි යොදා ගන්නා ඇමට ඩොල්ෆින් මසුන් ආකර්ශණය වීම වැළැක්වීමේ නව උපාංගයක් මේ වන විට ජාත්‍යන්තර ධීවර කර්මාන්තයේදී භාවිතා කෙරෙන අතර එම උපාංගය වහාම මෙරටට ගෙන්වා ඒවා ධීවරයින් හට නොමිලේ ලබා දීමට ආණ්ඩුව පියවර ගැනීමට යයි.

මෙම උපාංගය බිලී කොකුවලට කොපුවක් (cliff) වශයෙන් යෙදිය හැකි අතර, එමඟින් ඩොල්ෆින් මසුන් ඇම ඩැහැගත්ත ද ඔවුන්ට හානියක් සිදු වන්නේ නැත. ජාත්‍යන්තර ධීවර නීතිය අනුව ඩොල්ෆින් මසුන් ඇල්ලීම සම්පුර්ණයෙන්ම තහනම්ය.

ශ්‍රී ලංකාවේ වාර්ෂික මත්ස්‍ය අපනයනයේ දී 2016 වසරේ ඇමරිකා එක්සත් ජනපදය විසින් අප රටේ සමස්ත මත්ස්‍ය අපනයනයෙන් සියයට 29ක් හෙවත් මෙට්‍රික් ටොන් 4088ක් මිල දී ගෙන ඇත.

මරුවැල් ක්‍රමය යනු කුමක්දැයි මෙහි ඇති සේයාරුන් හා පහත ඇති වීඩියෝව නැරබීම මගින් දැන ගත හැක .

-ලංකා ඊ නිව්ස්-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here