ශ්‍රී ලංකාවට නොසිතු ජයක් – රංගන හේරත් වාර්තා පොතට

0
83
views

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පැවති තරඟයේ ශ්‍රී ලංකාවට නොසිතු විදිහට කාලයකින් පසු ලද සුපිරිතම හා තියුණුතම ජයක් හිමි වුනු අතර අද දින ටෙස්ට් කඩුලු 400ක් දවා ගත් ලොව පළමු වමත් දඟ පන්දුයවන්නා ලෙස රංගන හේරත් වාර්තා පොතට එක්විය.

අද තරඟය ශ්‍රී ලංකාව ජයගැනීමට මුලික හේතුව වුනේ දිනේෂ් චන්දිමාල් නොදැවී රැස් කල ලකුණු 155 ක අගනා ඉනිම සහ අනික් හේතුව වන්නේ රංගන හේරත්ගේ අගනා පන්දු යැවීමයි.

පළමු ඉනිමේදී රංගන හේරත් ලකුණු 93 කට කඩුලු 5ක් දවාගැනීමට සමත් වූ අතර, දෙවන ඉනිමේදී ලකුණු 43 කට කඩුලු 6 ක් දවාගැනීමට සමත් වූ අතර මෙම තරඟයේ කඩුලු 20 න් කඩුලු 11 ක් ම දවාගැනීමට රංගන හේරත් සමත් විය.මේ අතර රංගන හේරත් ටෙස්ට් කඩුලු 400 ක් දවාගැනිමට සමත් වූ අතර ටෙස්ට් කඩුලු 400ක් දවා ගත් ලොව පළමු වමත් දඟ පන්දුයවන්නා ලෙස රංගන හේරත් මෙම තරගයත් සමග වාර්තා පොතට එක්වුනි.තරඟයේ විරයාද වුයේ රංගන හේරත්ය.

තරඟය අවසන් වනවාත් සමගම ප්‍රකට පැරණි ක්‍රීඩකයන් මෙන්ම ගරු ජනාධිපතිතුමන්ද twitter පණිවිඩයක් මගින් සුබ පැතුම් එක් කරන ලදී.

පසුගිය කාලය පුරාවට පරාජිත මානසිකත්වයකින් තරඟ නැරබීම පවා ප්‍රතික්ෂේප කල ලොව වටා සිටින ශ්‍රී ලංකික රසික රසිකාවියන්ට, එක්දින තරගයකටත් වඩා තීරණාත්මක ස්වරුපයක් ගත් අද දින තරඟය තව බොහෝ කාලයකට අමතක නොවනු ඇත.

photo credit : The papare cricket

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here