රිය පදවන්න අවසර දුන්නට විරෝධයක්

0
19
views

සෞදි කාන්තාවන්ට රිය පැදැවීමට අවසර ලබා දීමට සෞදියේ සල්මාන් රජු ගත් තීරණයට විරෝධය දක්වමින්, ට්විටර් සමාජ ජාලය ඔස්සේ ද්වේශසහගත අදහස් පළ කළ තැනැත්තකු අත්අඩංගුවට ගැනීමට සෞදි ආරක්ෂක අංශ කටයුතු කරන බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

කාන්තාවන්ට රිය පැදවීමට අවසර ලබා දීමට සෞදි රජු තීරණය කළේ මීට දින කිහිපයකට පෙරය. ඒ, රාජ ආඥාවක් නිකුත් කරමිණි. ‘සෞදි කාන්තාවන්ට රිය පැදැවීමට අවසර දෙන අය සහ ඊට සයාය දක්වන ඕනෑම කෙනකු මරා දැමිය යුතුයි’ යැයි එම පුද්ගලයා සිය ට්විටර් ගිණුම ඔස්සේ අදහස් දැක්වීමක් කර තිබේ.

එම පුද්ගලයා කවුරුදැයි ආරක්ෂක අංශ විසින් හඳුනා ගනු ලැබ ඇති නමුත් ඔහුගේ අනන්‍යතාව මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නැතැයි සෞදියේ ‘අව්සාත්’ පුවත්පත වාර්තා කර තිබේ.

(රොයිටර්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here