බෙදුම්වාදය, සංහිඳියාව සහ ට්‍රැවිස්‌ සින්නයියා

1
452
views

වත්මන් රජය බලයට පත්වීමේදී එක්‌ ප්‍රධාන සටන් පාඨයක්‌ බවට පත්ව තිබුණේ විරසක දුරලා රටේ සියලු ජාතීන් අතර සහජීවනය සහ සංහිඳියාව ඇතිකිරීමට කටයුතු කරන්නේ යෑයි යන්නය. ඒ තුළින් යහපත් සහ සංවර්ධිත රාජ්‍යයක්‌ බිහි කිරීම රජයේ ඉලක්‌කය විය.

එහෙත් එසේ කී යහපාලනය අද සහජීවනය සහ සංහිඳීයාවේ නාමයෙන් යමින් සිටිනුයේ මංමුලා වූ ගමනක්‌ නොවන්නේද? සැබෑවටම මේ රට තුළ ජාතීන් අතර සමඟියක්‌ ඇති කිරීමට නම් අප පළමුව කළ යුත්තේ බෙදුම්වාදීන් සහ බෙදුම්වාදය පරාජය කිරීමය.

මෙකී බෙදුම්වාදය යන්න ගත් කල්හි ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය සමඟ විදේශ රටවලට පලා ගොස්‌ ස්‌ථානගත වී ඒ ත්‍රස්‌තවාදය පෝෂණය කරන්නට අදටත් වෙහෙසෙන විදේශගත කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාව යනු ඉහළම තැනක තිබෙන්නකි. ඒ හා සමානම ප්‍රබල තත්ත්වයක්‌ රට තුළ ක්‍රියාත්මක දෙමළ දේශපාලන බෙදුම්වාදයටද ඇත.

එහෙත් සහජීවනය සහ සංහිඳියාවට යන ආණ්‌ඩුව කිසිදු අවස්‌ථාවක එකී බෙදුම්වාදය පරාජය කරන්නට පියවරක්‌ ගත්තේද? සාමාන්‍යයෙන් සිදු විය යුත්තේ බෙදුම්වාදයට පහර දී මේ මහ පොළවේ පය ගසා සිටින සාමාන්‍ය දෙමළ ජනතාව වෙත සංහිඳියාවේ දැත් දිගු කිරීමය. එහෙත් එය එසේ සිදු නොවීය.

සෑම විටම කෙරුණේ සංහිඳියාවේ නාමයෙන් බෙදුම්වාදයට අවි සැපයීම ය. ලෝක ඉතිහාසයේ කිසිදු නාවික හමුදාවක සිදු නොවුණු පරිදි වත්මන් නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් ට්‍රැවිස්‌ ජෙරම් ලියන්දුරු සන්නයියා මාස දෙකක්‌ වැනි කෙටි කාලයක්‌ තුළ නාවික හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගැන්වීමට මේ වන විට ගෙන ඇති තීන්දුවම රජයේ එකී අසාමාන්‍ය හැසිරීමට පැහැදිලි උදාහරණයක්‌ නොවන්නේද?

සුළුජන ඡන්ද පදනමද අදාළ වූ හැටඑක්‌ ලක්‍ෂයක ජනතා ඡන්දයකින් වත්මන් ආණ්‌ඩුව පෙරට ඒමේ පළමු වෙඩිමරය පත්තු වූ මොහොතේ වයිස්‌ අද්මිරාල් ට්‍රැවිස්‌ සින්නයියා සිටියේ නාවික හමුදාවෙන් ඉවත්ව ගොසිනි. එහෙත් රජයට බලයට පැමිණි විගස එසේ නාවික හමුදාවෙන් ඉවත්ව සිටි ඔහුව නැවත කැඳවනු ලැබුවේ නැගෙනහිර නාවික විධානය භාර ආඥපති ධුරයද භාරදෙමිනිs.

එසේ යළි නාවික හමුදාවට එක්‌වූ වයිස්‌ අද්මිරාල් ට්‍රැවිස්‌ සින්නයියාට නාවික හමුදාපති ධුරය භාර දුන්නේ ඉකුත් අගොස්‌තු මස 22 වැනිදාය. මේ අතරතුර පසුගිය සැප්තැම්බර් මස 26 වැනිදා ඔහුට වයස අවුරුදු 55 සම්පූර්ණ විය. ඒ අනුව ඉදිරියටත් නාවික හමුදාපති ධුරය දැරීමට නම් ඔහුට සේවා දිගුවක්‌ හිමි විය යුතුය.

එකී සේවා දිගුව වයස අවුරුදු 55 සම්පූර්ණ වීමේදී ඔහුට ලැබිණි. එහෙත් එය වලංගු වන්නේ මෙම ඔක්‌තෝබර් මස 26 දක්‌වා පමණකි. වයිස්‌ අද්මිරාල් ට්‍රැවිස්‌ සින්නයියා මාස දෙකේ නාවික හමුදාපති ලෙස ඉතිහාසගත වීමට නියමිතව ඇත්තේ මේ අනුවය.

එසේ ඉතිහාසගත වීමට නියමිතව ඇති වයිස්‌ අද්මිරාල් ට්‍රැවිස්‌ සින්නයියා යනු කවරෙක්‌ද? මෙහිදී ඒ පසුබිම කතා කළ යුතුය. ප්‍රභාකරන්ගේ ත්‍රස්‌වාදය අරම්භ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාවේ දෙමළ නිලධාරීහු රැසක්‌ සිටියහ. එහෙත් ත්‍රස්‌තවාදය අතු ඉති දා ලියලා වැඩෙද්දී එකී දෙමළ නාවික නිලධාරීන් එකා දෙන්නා නාවික හමුදව සමු දී ඉවත්ව ගියේය.

ඉන් ඇතෙමෙක්‌ පිටව ගියේ නාවික හමුදාව පමණක්‌ නොව යුද රහස්‌ද ත්‍රස්‌තවාදීන්ට පාවා දීමේවැරදි හමුවේය. තවත් සමහරු මරබය නිසා ඉවත් වූහ. එසේ වුවද වයිස්‌ අද්මිරාල් ට්‍රැවිස්‌ සින්නයියා කිසිවිටෙකත් බියගුල්ලකු සේ පලා නොගියේය.

දෙමළ ජාතිකයකු වුවද නාවික හමුදාව සමඟ පිටකොන්දක්‌ ඇතිව සිටගත් ඔහු ප්‍රභාකරන්ගේ ත්‍රස්‌වාදයට එරෙහිව සටන් වැදුණේය. ඔහුගේ රණශූරත්වයේ සුවිශේෂීම අවස්‌ථාව වන්නේ අවසන් සටනේදී එල්ටීටීයේ පාවෙන අවි ගබඩා වූ නෞකා හමහ සයුරේදී විනාශ කරමින් දියත් වූ “සාගර බලය” ක්‍රියාන්විතයේදී නාවික කාර්ය සාධක බලකායට අණදුන් ප්‍රධානියා ලෙස කටයුතු කිරීමය.

මෙසේ එල්ටීටීඊයේ පාවෙන අවි ගබඩා මහ මුහුද මැදදී නාවික හමුදා ප්‍රහාරවලින් විනාශ වෙද්දී එකල ට්‍රැවිස්‌ සින්නයියා කෙනකු පිළිබඳ කොතැනකවත් කියෑවුණේ නැත. කිසිවකුත් ඔහු ගැන දැන සිටියේද නැත. එසේ වූයේ එම ක්‍රියාන්විතයේ රහස්‍යභාවය සුරක්‍ෂිත වනු පිණිසය. එහෙත් ඔහුගේ අණදීම යටතේ දියත් වූ එම ප්‍රහාර මාලාව නිසා ඒටීටීඊයේ නෞකා සිය්ල විනාශ වී යැම කොටින්ගේ විනාශයේ හැරවුම් ලක්‍ෂය වූ බව නම් ප්‍රසිද්ධ රහසක්‌ වන්නේය.

“සාගර බලය ක්‍රියාන්තවිතයේදී එල්ටීටීඊ ඉලක්‌ක 37 ක්‌ සාර්ථකව විනාශ කර දැමීමට මුල්වූ ඔහු පසුව වේග ප්‍රහාරක යාත්‍රා බලගණයට අණ දෙමින් යුද සමයේ එල්ටීටීයේ ඉලක්‌ක 70 ක්‌ විනාශ කර දැමීය. එසේම එදා එල්ටීටීඊ නායකයන්ද ඇතුළු ත්‍රස්‌තවාදීන් 19 දෙනකු සමඟ කොටින්ගේ “කඩොල්පුරා” නෞකාව අත්අඩංගුවට ගත් මෙහෙයුම දියත් කෙරුණේද ඔහුගේ නායකත්වය යටතේය.

මේ දක්‌ෂතා නිසාම කොමදොaරු නිලයේ සිට රියර් අද්මිරාල් දක්‌වා ක්‍ෂෙත්‍ර උසස්‌වීමක්‌ද ලැබූ ට්‍රැවිස්‌ සින්නයියා ජීවත්ව සිටියදී රණවිරුවකුට හිමිවන උසස්‌ම පදක්‌කම වන වීර වික්‍රම විභූෂණ පදක්‌කමෙන්ද පිදුම් ලැබීය.

අද වාර්තාවක්‌ද හිමි කර දෙමින් මාස දෙකක නාවික හමුදාපති ලෙස නාවික හමුදාවෙන් විශ්‍රාම ගැන්වීමට නියමිතව ඇත්තේ මෙන්න මේ ට්‍රැවිස්‌ සින්නයියාවය.සාමාන්‍යයෙන් ගමේ ගොඩේ මරණාධාර සමිතියක සභාපතිවරයකුවත් මාස දෙකකින් ඉවත් කිරීමේ ක්‍රමයක්‌ ශ්‍රී ලජංකාව තුළ නැත. ඇත්තෙන්ම එවන් තත්ත්වයක්‌ නිර්මාණය වී තිබෙන්නේ කුමක්‌ නිසාද? අවම තරමින් වසරක පමණ කාලයක්‌වත් ඔහු සමිතියේ සභාපති වන්නේය.

එසේ නම් මේ රටේ නාවික හමුදාපති වූ වයිස්‌ අද්මිරාල් ට්‍රැවිස්‌ සින්නයියාට මෙසේ මාස දෙකේ නාවික හමුදාපති ලෙස වාර්තාවක්‌ තබමින් විශ්‍රම යැමට සිදුවන තත්ත්වයක්‌ ඇති වී තිබෙන්නේ කුමක්‌ නිසාද?

ඇතැම් වෙබ් මාධ්‍යකරුවන් නම් කියන්නේ ප්‍රබල දේහපාලනඥයකුගේ ඥතියකු සහ එක්‌තරා පෞද්ගලික මාධ්‍ය ජාලයක හිමිකරුවකු එක්‌ව නාවික හමුදාව සඳහා රුසියාවෙන් ගෙන්වීමට සැරසෙන යුද නෞකාවක්‌ සඳහා නාවික හමුදාපතිවරයා ලෙස වයිස්‌ අද්මිරාල් ට්‍රැවිස්‌ සින්නයියා විරොAධය දැක්‌වීම මෙයට හේතු වී තිබෙන බවය.

එහෙත් එය නම් ගල් පැලෙන තරමේ අපූරු මුසාවාදයකි. එකී ප්‍රචාරය තුළ ඇත්තේද නාවික හමුදාපතිවරයාටම පහර දීමේ උත්සාහයක්‌ බව සැබෑ තතු දන්නා ඇතැම් නාවික නිලධාරීහුම සඳහන් කරති. ඔවුන් කියන පරිදි සැබෑව ඇත්තේ වෙනතකය.

වයිස්‌ අද්මිරාල් ට්‍රැවිස්‌ සින්නයියා යනු ස්‌වභාවෙයෙන් ඍජුව කටයුතු කරන්නෙකි. ඔහු නාවික හමුදාපති විය. එසැණින් සිදුවූයේ පසුගිය කාලය පුරා කොළඹ වරාය ආශ්‍රිත මුහුදේනැංගුරම් දමා තිබූ සියලු නාවික යාත්‍රා මුර සංචාර සඳහා උතුර-නැගෙනහිර ඇතුළු රට වටා මුහුදට යොමු කිරීමය.

ඔහුගේ මෙම තීරණය මෙරට මුහුදේ මත්ස්‍ය සම්පත මෙතෙක්‌ කොල්ලකෑ ඉන්දීය ධීවරයන්ට මෙන්ම මුහුදු මගිa සිදුවූ හොර ජාවාරම්වලටද මරු පහරක්‌ විය. එය එක්‌ පැත්තකින් සිදු වූවකි. අනෙක්‌ පැත්තෙන් වූයේ ට්‍රැවිස්‌ සින්නයියාගේ Rජු බව හමුවේ මෑතකදී නාවික හමුදාවේ සිටි සහ දැනටත් ඉන්න සමහර උසස්‌ දූෂිත නාවික නිලධාරීන් බියට පත්වීමය.

එහෙයින් සියල්ලෝ එක්‌ව ඔහුව නාවික හමුදාපති ධුරයෙන් පන්නා දැමීමේ මෙහෙයුමක්‌ ආරම්භ කළහ. විදේශගත කොටි හිතවාදී ඩයස්‌පෝරාව සහ ඔවුන්ට කඩේ යන මෙරට තුළ ක්‍රියාත්මක ඊනියා සිවිල් සංවිධාන ක්‍රියාකාරීහුද වෙනත් ආකාරයකින් එහි කොටස්‌කරුවෝ වූහ.

අද දෙමළ ජනතාව පීඩාවට පත්ව ඇතැයි හඬ නගන, මෙරට තුළ ක්‍රියාත්මක කොටි හිතවාදී සහ බෙදුම්වාදී සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීහු කිසිවකුත් දෙමළ ජාතික නාවික හමුදාපතිවරයකු වූ වයිස්‌ අද්මිරාල් ට්‍රැවිස්‌ සින්නයායියා පිළිබඳ එක්‌ වචනයක්‌ හෝ කතා නොකරන්නේ මේ නිසාය.

වයිස්‌ අද්මිරාල් ට්‍රැවිස්‌ සින්නයියා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික හමුදාපති වීමෙන් එක්‌ පැත්තකින් කොටි හිතවාදී විදේශගත දෙමළ ඩයස්‌පෝරාවට එල්ල වූ ප්‍රහාරය සුළුපටු නැත. ඔහු නාවික හමුදාපති වීමෙන් ප්‍රබලම පහර එල්ල වූයේ “ශ්‍රී ලංකවේ මහ ජාතිය වන සිංහලයන් දෙමළ ජාතිය නොසළකා හරින්නේ”යෑයි කියමින් ඔවුන් ලොව පුරා ගෙන ගිය අසත්‍ය මතවාදයටය.

දැන් තීරණය වී තිබෙන පරිදි ඉතිහාසගත වන ආකාරයට නාවික හමුදාපතිවරයා ලබන ඔක්‌තෝබරයේදී විශ්‍රාම ගැන්වුවහොත් නැවතත් ජය අත් වන්නේ එකී බෙදුම්වාදී අසත්‍ය මතවාදයටය.

නැව් කතා කොමිස්‌ කතා නොව, වයිස්‌ අද්මිරාල් ට්‍රැවිස්‌ සින්නයියාගේ කතාව පිටුපස ඇති සත්‍ය එය වන්නේය.

ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය සමඟ අතීතයේදී අපි සටන් විරාම ඇති කර ගත්තෙමු. එහෙත් ඒ සෑම අවස්‌ථාවකදීම ප්‍රභාකරන්ට අවශ්‍ය වූයේ ඊළම හෙවත් බෙදුම්වාදය ය.

අද ආණ්‌ඩුව ගමන් කරන්නේ සහජීවනයට සහ සංහිඳියාවටය. එසේ වුද රට තුළ ක්‍රියාත්මක එන්ජීඕ නඩවලට මෙන්ම ඊනියා සිවිල් සංවිධාන සහ විදේශගත කොටිහිතවාදී ඩයස්‌පෝරාව ඇතුළු පාර්ශ්ව සිටිනුයේ එදා ප්‍රභාකරන් සිටියාක්‌ මෙන්ම බෙදුම්වාදය තුළ සිරවීය. එහිදී ඔවුන්ට තමන්ගේ අරමුණ මිස දෙමළ ජාතිකයකු වුවද නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් ට්‍රැවිස්‌ සින්නයියා මෙන්ම සහජීවනයද වැදගත් නැත.

නාවික හමුදාපතිවරයා වාර්තාගත ලෙස විශ්‍රාම ගැන්වීමට පෙර මේ පිළිබඳ ආණ්‌ඩුව කල්පනා කළහොත් එහිදී අරුත් ගැන්වෙන්නේ සහජීවනය සහ සංහිඳියාව නොවේද?

ළහිරු පීරස්‌ – දිවඉන

1 COMMENT

  1. ගරු ජනාධිපති තුමනි
    හැටදෙලක්ෂයක ජනතාව ගේ ප්‍රාර්ථනා ඔබ ඉටු කරාවි යයි තවමත් බලාපොරෙත්තුවෙනි මෙි සටහන
    නාවික හමුදාධිපතිතුමාට යුක්තිය ඉටුවනු පිණිසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here