හිරුණිකා රත්මලානට

0
44
views

පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඉදිරි මැතිවරණ සඳහා රත්මලාන එජාප සංවිධායකවරිය ලෙස කටයුතු කරනු ඇතැයි දේශපාලන ආරංචි සඳහන් කරයි.ඇය පසුගිය මැතිවරණයේ එජාපයෙන් තරග කළේ ශ්‍රිලනිපයෙන් ඉවත් කිරීමෙන් අනතුරුවයි.

ඇයගේ පියාගේ සංවිධායක ධූරය දරන කොලොන්නාව ඇයට හුරු පෙදෙස වුවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් එහි කටයුතු කරන නිසා හිරුණිකාට රත්මලාන වැඩ බලන්නට පක්ෂ නායකත්වය යෝජනා කර ඇති අතර ඇය කැමතිවී ඇතැයිද වාර්තාවේ.පසුගිය මැතිවරණයේදී උපුල් ශාන්ත සන්නස්ගල මහතා රත්මලාන එජාප සංවිධායක ලෙස කටයුතු කළේය.

රත්මලාන පුරාවටම රත්මලානට පායන හිරු ලෙස අද දින පෝස්ටරයක් දැක ගත හැකි වූ බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here