එක්දින තරගාවලියට සංචිතය නම් කරයි – චන්දි ඇතුලට, ප්‍රවේශම් නොවුනහොත් උපුල් තරංගට මාස අටක තරග තහනමක් ?

0
69
views

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා. පහලොස් දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකයා උපුල් තරංග. ඇන්ජලෝ මැතිව්ස් සහ ලසිත් මාලිංග සංචිතයට ඇතුළත් නොවීමද විශේෂත්වයක්. ආන්ජලෝ මැතිව්ස් කණ්ඩායමෙන් ඉවත් කර ඇත්තේ ඔහුට හටගෙන ඇති දණහිසේ ආබාධය නිසා බව සදහන් . වේග පන්දු යවන්නා ලසිත් මාලිංගට විවේකයක් ලබාදීම සළකා සංචිතයට ඇතුළත් කර නැහැ.

පිතිකරුවන් ලෙස දිනේෂ් චන්දිමාල්, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස් හා චාමර කපුගෙදර සංචිතයට එක්වනවා. නිමාවූ ඉන්දීය සංචාරයේ තෙවෙනි තරගයේ නායකත්වය දැරු කපුගෙදර කාසියේ වාසිය සම්බන්ධ සිදුවීමකට චෝදනාවකට ලක්වූ අතර ඔහු මෙම තරගාවලියට නම් කර තිබීම විශේෂයි. කඩුලු රකින ක්‍රීඩකයා ලෙස කණ්ඩායමට එක් වන්නේ නිරෝෂන් දික්වැල්ලයි. මිලින්ද සිරිවර්ධන, තිසර පෙරේරා හා සීක්කුගේ ප්‍රසන්න තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස සංචිතයට ඇතුළත්. නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර හා විශ්ව ප්‍රනාන්දු සංචිතයට ඇතුළත් වේග පන්දු යවන්නන් වනවා. අකිල ධනංජය හා ජෙෆ්රි වෙන්ඩර්සේ සංචිතයේ සිටින දග පන්දු යවන්නන්.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර එක්දින තරග 5 ක් පැවැත්වීමට නියමිතයි. තරගාවලිය ඔක්තෝම්බර් 13 වනදා ආරම්භ වනවා. කෙසේ වෙතත් මෙම තරගාවලිය නායක උපුල් තරංග ප්‍රවේශම් විය යුතු තරගාවලියක් බව විචාරකයන් පෙන්වා දෙනවා. කණ්ඩායමේ පන්දු යවන්නන් පන්දු වාර පනහ සම්පූර්ණ කිරීමට වැඩි වෙලාවක් ලබා ගැනිම නිසා දෙවතාවක් දඩුවම් ලබා සිටින උපුල් මෙම තරගාවලියේ එක් තරගයක හෝ නියමිත වෙලාවට පෙ‍ර පන්දු වාර පනහ අවසන් කිරීමට නොහැකි වුවහොත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය මගින් මාස අටක තරග තහනමක් පැනවෙනු ඇත.

http://www.cricketlk.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here