පාලිතයකු වී කඹුුරනවාද  පාලකයකු වී ස්වාදීන වෙනවාද – තීරණය ඔබ අතේ

0
40
views

කාර්මික ක්ශේත්‍රයට යොමු වීමට බලාපොරොත්තුවෙන් ඉන්න බොහොමයක් දෙනාට තියන ප්‍රශ්න ටිකක් තමයි ඔටෝමොබයිල් ෆීල්ඩ් එක කොහොමද.කරල ගොඩ යන්න පුලුවන්ද.කරන්න පුලුවන් කෝස් මොනවද සහතික වලට තියෙන පිලිගැනීම කොහොමද.ඒ කෝස් එක කරාම පඩිය කීයක් ගන්න පුලුවන්ද
ජොබ් එකක් හොයා ගන්න ලේසිද..කෝකද හොදම ටෙක් එකකියන ප්‍රශ්න ටික

අපි හැම දාමත් සියලු දේම වැරදි කොනින් අල්ලාගෙන සිටිමු…බොහෝ දෙනාගේම අවසාන සිහිනය
ලොකු කොම්පැනියක ලොකු පඩියක් ගැනීම වේ..එසදහා ප්‍රධාන සුදුසු කම පිලිගත් සහතිකයක් බව සැබෑය..ඒ නිසා අපේ කටියද සහතික පස්සේම පන කඩාගෙන දුවති..

ඉන් වැඩි දෙනෙකුට සහතිකය ගැන මිස විශය ගැන අවබෝදයෙන් ඉගෙන ගැනීමට අවශය තාවයක් නැත ..අවශය වන්නෙ පිලිගත් ආයතනයකින් කෙසේ හෝ සහතිකයක් ගැනීම පමනි..එම සහතිකය දෙන්නෙ යම්කිසි ක්‍රමවේදයකට අනුව උවත් එම දැනුම සෝඩා බෝතලයේ පුරවා ඇති කාබන් ඩයොක්සයිඩ් මෙනි.
අවසාන පරීක්ශනය දා සෝඩ බෝතලය කඩා පීඩනය කල ගෑස් ටික පිටකර යවති..ඉන්පසු ඇත්තේ ජලයේ දියවුනු කාබන් ඩයොක්සයිඩ් ස්වල්පයක් පමනි..

සහතිකය වෙනුවෙන්ම කෝස් කරනා බහුතරය මෙසේ වෙතී.ඔවුන් සහතිකය අතේ තියන් මට අහවල් අද්‍යාපන සුදුසුකම් තියෙනවා යැයි උදම් අනමින් රස්සාවල් හොයති…ඔබට කෝස් එකක කිරීමට
හේතු දෙකක් ඇත.එක ඔබට අලුත් දැනුම ලබාගෙන ඔබට තියෙන දැනුම දියුනු කර එයින් ප්‍රයෝජන ගැනීමට.දෙක සහතිකයක් ලබාගෙන රස්සාවක් හොයා ගන්නට

ඔබ කෝස් එක කරේ අලුතෙන් දැනුම ලබාගෙන තියෙන දැනුම දියනු කර ගන්නට නම් ඔබට සහතිකේ ලැබුනත් නැතත් ඔබ ගොඩ.මට අරව තියෙනව මේව තියෙනවා යැයි කියමින් ඔබ සහතික මිටිය ගෙන
ආයතන හිමිකරුවන් පසුපස යායුතු නැත..ඔබේ දැනුමෙන් ඔවුන් මාසෙට ලක්ශයක් හම්බකර ඔබට දහදාහක් දී ගෙදර යැවීමට ඔවුන්ට අවස්තාවක් නැත..අදිශ්ඨානය සහ ධර්‍යය ඇත්නම් තමන්ගේ දැනුමින් තමන්ට වැඩක් කර ගන්න තමන්ගේ මාසික ආදායම තමන්ට තීරනය කිරීමට ඔබට අවස්තාව ඇත.

ඔබ කෝස් කරන්නේ රස්සාවක් සොයා ගැනීමට සහතිකයක් ගැනීමට නම්.මොනතරම් පිලිගත් සහතික තිබුනත් ඔබට වඩා අඩු සුදුසුකම් ඇති මිනිසුන්ගේ පාර්ට් බැලීමට ඔබට සිදුවනු ඇත..ඔබ මසකට ගතයුතු පඩිය ඔවුන් තිර්නය කරනු ඇත..

ඇතැම් විට අසාධාරන පාලකයන්ට දොස්තබමින් අදයාපන සුදුසුකම් වලට සරිලන රැකියාවක් දියවු කියමින් පඩි වැඩි කරවු කියමින් උද්ගෝශන කරන්නට ඔබට සිදුවෙනු ඇත..

ඔබ පාලකයන්ට සහමුලින්ම යටත්ය..ඔවුන්ගේ නීති වලට ඔබ සිටිය යුතුය..ඔබගේ පෝස්ට් එක කුමක් උවත් ඔබට ඉහලින් සිටින්නා ඔබව පාලනය කරනු ඇත.

බොහො විට ඉහලම පුටුවේ හිද සියලුම දෙනා පාලනය කරනුයේ..අදිශ්ඨානයෙන් උත්සාහයෙන් කැපවීමෙන් එතනට ගිය කිසිදු සහතිකයක් නැති ආයතනයේ හිමි කරු වේ.ඔහු සම්ප්‍රදායෙන් මිදී ස්වදීන
වෙනස් මාර්ගයක ගමන් ගත් පුද්ගලයෙකි..ඔහු පාලිතයකු නොවෙති ඔහු පාලකයෙකු වෙති.

සහතිකයක් වෙනුවෙන් කෝස් එකක් කරනවාද තමන්ගේ දැනුම අවබෝදය සදහා කෝස් එකක් කර අවසානයේ ඒ වෙනුවෙන් සහතිකයක් ගන්නවාද යන්න තමන් තීරනය කලයුතු වේ..

ඇතැම් විට මැනේජර් කෙන්ක් වී ඉහල පඩියක් ගන්නා පුද්ගලයෙකුට වඩා තමාගේම බුලත් විට කඩයක් කරනා අඩු අදායමක් ලබනා පුදගලයා ස්වාදීන වේ..අනුන් වෙනුවෙන් වැඩ කරනා මැනේජර්ට වඩා ජීවිතය විදීමට ඔහුට කාලය ඇත..

සියලු දේ කැපකර මුදල් සොයනුයේ ජීවත් වීමට වන අතර සොයාගත් මුදල් වියදම් කර ජීවිතය විදීමට කාලයක් නැනිනම් තමන්ගෙ ජීවිතය පිලිබද ආත්ම තෘප්තියක නැතිනම්එම මුදල් වලින් පලක් නැත ..

මුදල් වලින් ගත හැකි බෞතික සම්පත් වලින් පමනක් ජීවිතය විදිය නොහැක..පාලිතයකු වී කඹුුරනවාද
පාලකයකු වී ස්වාදීන වෙනවාද යන්න තමන් තීරනය කල යුතුය..

උත්පල මහීකාන්ත විසින් මුහුණු පොතේ තැබූ සටහනකි.

පසු සටහන

ඉහත ලිපිය උත්පල මහීකාන්ත විසින්මො ටෝර් කාර්මික ශේෂ්ත්‍රය මුලික කොට ලිය උනත් එය සියලු තරුණ තරුණියන්ට තම ජීවිතය අනාගතය තීරණය කිරීමට මහගු අදහසක් වනු බව අපගේ අදහසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here