විධායක ජනාධිපති ධුරය ශ්‍රීලනිපයට ඕනි වුණාට ජනාධිපතිට වුවමනා නෑ – ඇමැති රාජිත සේනාරත්න

0
75
views

විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍යයි කියන මතයේ සිටින්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය පමණක්‌ බවත් ජනාධිපති මෛත්‍රිපාල සිsරිසේන මහතා සහ එක්‌සත් ජාතික පක්‍ෂය සිටින්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යෑයි යන මතයේ බවත් කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ (04 දා) පැවසීය.

අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මූලිකත්වයෙන් සංවිධානය වූ සිවිල් සංවිධාන එකමුතුවේ මතය වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියන මතයේ තවමත් ජනාධිපතිවරයා සිටින බවද සේනාරත්න මහතා සඳහන් කළේය. හෙතෙම මේ බැව් පැවසුවේ ඊයේ (04 දා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති සතියේ කැබිනට්‌ මාධ්‍ය හමුවට එක්‌වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමැතිවරයා මෙසේද කීවේය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය 1978 සිට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළයුතු යෑයි කියන මතයේ සිටිනවා. එක්‌සත් ජාතික පක්‍ෂය 2002 වසරේ සිට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යෑයි කියන මතයේ සිටිනවා.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය 1978 සිට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළයුතු යෑයි පවසා මේ වන විට එය වෙනස්‌ කර තිබෙනවා.

චමින්ද සිල්වා – දිවයින

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here