ජාතික වප් මගුල් උත්සවය – LIVE

0
27
views

ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රමය අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කැකිරාව, තිබ්බටුවැව වෙල්යාය පරිශ්‍රයේදී ආරම්භ වේ.

ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රමය “එක් වෙමු – නැගිටිමු, අටුකොටු පුරවමු” යන තේමාව යටතේ ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කළේ දේශගුණික විපර්යාස හමුවේ අභියෝගයට ලක්වූ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන නව ජවයකින් ආරම්භ කිරිම මෙමගින් සිදු වන බවයි.

අද සිට ලබන 12 වන දින දක්වා ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාම සතිය ක්‍රියාත්මක වේ.

එහි පළමු දිනය වන අද ගොවි දිනය ලෙස නම් කර තිබේ.

ඒ අනුව ලබන 6 වන දා ගොවි දිනය ලෙසත්, ලබන 7 වන දා සිසු දිනය ලෙසත්, ලබන 8 වන දා පශු සම්පත් දිනය ලෙසත්, ලබන 9 වන දා ව්‍යවසායකත්ව දිනය ලෙසත්, ලබන 10 වන දා ධීවර දිනය ලෙසත්, ලබන 11 වන දා රාජ්‍ය සේවක දිනය ලෙසත්, ලබන 12 වන දා දියවර දිනය ලෙසත් නම් කර දිවයින පුරා වැඩසහන් රැසක් සංවිධානය කර තිබෙන අතර ලබන ලබන 14 වන දා උතුරු පළාතේ දී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

දේශගුණික විපර්යාසයන් හමුවේ අභියෝගයට ලක්වූ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන නව ජවයකින් අඛණ්ඩව හා තිරසාර ලෙස ඉදිරියට ගෙන ඒමට මෙන්ම කෘෂිකාර්මික ප්‍රබෝධයක් ඇති කිරීමේ අරමුණින් ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ මඟපෙන්වීමෙන් "එක් වෙමු – නැගිටිමු, අටුකොටු පුරවමු" තේමාව යටතේ ක්‍රියාවට නංවන ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමයට සමගාමීව ජාතික වප්මගුල් උළෙල කැකිරාව තිබ්බටු වැව ජලාශය අසල සිට සජීවීව…The live webcast of the National Vap Magul Ceremony themed ‘Let’s get together and rise- Let’s fill the Granary’, being held today near the Thibbotuwawa Tank.The National Food Production Battle implemented under the guidance of President Maithripala Sirisena, with the aim of taking forward the national food production programme, challenged by the climate changes, with a new strength continuously in a sustainable manner to revive the agricultural sector of the country.

Posted by Maithripala Sirisena on Thursday, October 5, 2017

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here