රට යන අත – අලුත් ව්‍යවස්‌ථාව රටම කළඹයිද?

0
72
views

බැඳුම්කර කොමිසමෙන් වරින්වර හෙළිවන කරුණු දේශපාලන ලෝකය කළඹවද්දී යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව රටම ගිනියම් කරමින් සිටී.ශ්‍රී ලංකාවේ ජනතාව නොඉල්ලු එහෙත් විදේශ රටවල් කීපයක අවශ්‍යතාව මත සීමිත දේශපාලනඥයන් පිරිසකගේ සහ රාජ්‍ය නොවන සංවිධාන කීපයක මූලිකත්වයෙන් නිර්මාණය කර තිබෙන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා කෙටුම්පතට රටපුරා මහසංඝරත්නයේත් ජනතාවගේත් විරෝධය එල්ලවී තිබේ.

විටෙක මේ අවසන් ව්‍යවස්‌ථා කෙටුම්පත තමන් දැක නැති බව රටේ ප්‍රධානීන් පවසන අතර තවත් විටෙක මෙය තවමත් අවසන් නැති බව තවත් පිරිස්‌ පවසති. පාර්ලිමේන්තුවට ඉදිරිපත්වී ඇති කෙටුම්පත අවසන් කෙටුම්පත නොවන බවත් එය වෙනස්‌ කෙරෙන බවත් පැවසේ. මේ නිසා රටේ ජනතාව තුළ මේ සිදුවන්නේ රටට ඉතාම අහිතකර දෙයක්‌දැයි යන සැකය ඇතිවී තිබේ. ආණ්‌ඩුව අවංකව මෙය සිදුකරන්නේ නම් කළ යුතුව තිබුණේ අවසන් කෙටුම්පත් රට පුරා ජනතාවට දැකගත හැකි ආකාරයේ ක්‍රමවේදයක්‌ සකස්‌ කර ජනතාව දැනුවත් කර ජනතා අදහස්‌ ලබා ගැනීමය. එහෙත් අද සිදුවෙමින් පවතින්නේ මුළු රටටම හොරෙන් සීමිත පිරිසක්‌ විසින් මේ රටේ සමස්‌ත ජනතාවගේ ඉරණම හා අනාගතය විසඳන රටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව නිර්මාණය කිරීමය. මෙය මුළු රටටම බලපාන රටම ගිනි තබන ෙ€දවාචකයක්‌ බවට පත්ව තිබෙන්නේ ඒ නිසාය.

අපේ රටේ සිදුවෙමින් පවතින ආකාරයේ තවත් සිදුවීමක්‌ යුරෝපයේ පසුගියදා සිදුවිය. ස්‌පාඤ්ඤයෙන් වෙන් වී වෙනම රාජ්‍යයක්‌ බවට පත්වෙනවා ද නැද්ද යන්න තීරණය කිරීමේ අරමුණින් පැවති ජනමත විචාරණයේදී කැටලෝනියාවට වෙනම රාජ්‍යක්‌ ලෙස පිළිගැනීමට අවශ්‍ය අයිතිය ලබාගැනීම සඳහා එම ප්‍රදේශයේ ඡන්දය භාවිත කළ ජනතාවගෙන් සියයට අනූවක්‌ කැමැත්ත පළ කළහ.

අපේ රටේ ඉදිරියේදී පවත්වන ජනමත විචාරණයකදී රටේ අනෙකුත් ප්‍රදේශ වලදී එය පරාජය වුවද උතුරු නැගෙනහිර ජනතාව එය අනුමත කරනු ඇත. එවිට ටික කලකින් උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක්‌ ප්‍රකාශ කිරීම වැළක්‌විය නොහැක්‌කේ අදාළ බලතල යෝජිත ව්‍යවස්‌ථාව මගින් උතුරු නැගෙනහිරට ලබාදෙන නිසාය.

ස්‌පාඤ්ඤ රජය පවසන්නේ ප්‍රාන්ත නායකයා ප්‍රජාතන්ත්‍රවාදය විහිළුවට ලක්‌ කරමින් කැටලෝනියාව තුල ජනමත විචාරණයක්‌ පවත්වා ඇති බවයි. ස්‌පාඤ්ඤ ව්‍යවස්‌ථාවේ අධිකරණය ජනමතවිචාරණයක්‌ පැවත්වීම තහනම් කර තිබියදී ස්‌පාඤ්ඤ රජයේ දැඩි විරෝධතා හා ප්‍රචණ්‌ඩත්වය මාධ්‍යයේ ජනමත විමසුම කැටලෝනියා ප්‍රාන්තයේ පමණක්‌ පවත්වන ලදී.

එහෙත් මේ ප්‍රතිපලය මගින් ස්‌වාධීන රාජ්‍යයක්‌, ජනරජයක්‌ පිහිටුවීම සඳහා කැටලෝනියා ජනතාවට අයිතිය ලැබී ඇති බව එම ප්‍රාන්තයේ නායක කාල්ස්‌ පුයිජොමොන්ට්‌ ප්‍රකාශ කරන ලදී.

මෙම ප්‍රාන්තයේ ස්‌පාඤ්ඤයේ දෙවෙනි ප්‍රධානතම බාර්සිලෝනා නගරය පිහිටා ඇත. වරක්‌ ලෝක ඔලිම්පික්‌ තරග ද මෙම නගරයේ පැවත්වුණ අතර ස්‌පාඤ්ඤ ඒකිය රාජ්‍ය තුල පාර්ලිමේන්තු ක්‍රමය සහිත ආණ්‌ඩුවක්‌ පවති.

ස්‌පාඤ්ඤය එරටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනුව උපරිම බලය බෙදාහැරීමට කටයුතු කොට මේ වනවිට එරට විශාල අර්බූදයකට මුහුණ දී තිබේ.

ශ්‍රීලංකාවේ උතුරු නැගෙනහිරට වෙනම ස්‌වාධීන රාජ්‍යයක්‌ ප්‍රකාශ කිරීමට නොහැකිව ඇත්තේ වර්තමන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව නිසාය. නව යෝජිත ව්‍යවස්‌ථාව මගින් එම බාධා මග හැරී යයි.

රට දෙකඩ කරන්නේ යයි ඇතැමුන් කියන්නේ බලය බෙදීම ගැන වරදවා වටහාගෙන බවත් බලය බෙදන රට නොබෙදන ව්‍යවස්‌ථාවක්‌ රටට උවමනා බවත් මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියෝ පසුගියදා කළ ප්‍රකාශයට රට පුරා විරෝධය එල්ලවී තිබේ.

උන් වහන්සේ මෙම අදහස්‌ පළ කර තිබුණේ නව ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් නාහිමියන් දැනුවත් කිරීම සඳහා මල්වතු මහා විහාරයට ගිය පුරවැසි බලය සංවිධානයේ හා නව ව්‍යවස්‌ථාවක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නිලධාරී පිරිසකටය.

නව ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් මල්වතු මහ නාහිමියන් විසින් පසුගියදා දැක්‌වූ අදහස්‌ සම්බන්ධයෙන් මහා සංඝරත්නය පවා විරෝධය පළ කළහ. ඒ සම්බන්ධයෙන් පූජ්‍ය ආචාර්ය මැදගොඩ අභය තිස්‌ස නාහිමියන් විසින් මාධ්‍ය හමුවක්‌ කැඳවමින් විරෝධය දක්‌වන ලදී.

zඅලුත් ව්‍යවස්‌ථාවක්‌ ඇති කරන්න තමයි ආණ්‌ඩුව පොරොන්දුවෙලා ඇවිල්ලා ඉන්නේ., බෙදුම්වාදී ව්‍යවස්‌ථාව නොවන බව තමන් වහන්සේට විශ්වාසයි ඒ නිසා මෙය සිදු කළාට කමක්‌ නෑ කියලා මල්වතු මහා නායක හාමුදුරුවෝ කියල තිබුණා, අපේ මල්වතු පාර්ශවයේ මහා නායක හාමුදුරුවෝ කියන්නේ මගෙත් නායක හාමුදුරුවෝ මමත් මල්වතු පාර්ශවයේ හාමුදුරු නමක්‌. ඒ ගෞරවයෙන් ආදරයෙන් දෙපා නැමද අපි මහා නායක හාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ මහා නායක හාමුදුරුවනේ මේ අතුරු වාර්තාව ඔබ වහන්සේ ගෙන්වාගෙන කියවන්න. මේ පිළිබද සැකසූ ලිපියක්‌ තියෙනවා ඒක දින කිහිපයකින් ගිහිල්ලා බාර දෙන්න මම ලැස්‌තියි.

මීට කලිනුත් උන්වහන්සේ ලිතව ඉල්ලුවා අපි උන්වහන්සේට ලිතව ලබා දීලා තියෙනවා මේ ගැටලුව පිළිබඳ කියවන්න. උන්වහන්සේ මේ ව්‍යවස්‌ථාව පිළිබඳ අවබෝධයක්‌ ගන්න අවශ්‍ය නම් නායක හාමුදුරුවෝ, සංඝ සභාවේ ඉන්න විද්වත් හාමුදුරුවන් වහන්සේලා එකතු කරගෙන කිසියම් මණ්‌ඩලයක්‌ පත් කරගෙන ඒ මණ්‌ඩලයේ අදහස්‌ යෝජනා අරගෙන ඔබ වහන්සේ කටයුතු කරන්න ඔබ වහන්සේ පෞද්ගලික දේශපාලන හෝ මතිමතාන්තර, විශේෂතා පුද්ගලයන් පිළිබඳ තියෙන ප්‍රසාදය මත මේ රටේ අනාගතය පිළිබඳ තීරණ ගන්න එපා කියලා අපි වැඳලා ඉල්ලා සිටිනවා.

බොහොම ගෞරවයෙන් සිහිපත් කරන්නේ මේක අපේ රට පිළිබඳ ප්‍රශ්නයක්‌, ඒ නිසා මහා නායක හාමුදුරුවන්ගෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ පුද්ගලයන් කියන දේවල් උඩින් බලලා පිළිගන්න එපාZ යෑයි පූජ්‍ය ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස නාහිමියන් පැවසූහ.

බැඳුම්කර කොමිසමේ හෙළිවන කරුණු නිසා ප්‍රධාන පෙලේ දේශපාලනඥයන්ට දැඩි චෝදනා එල්ලවී තිබේ.

මහ බැංකු බැඳුම්කර වෙන්දේසි දෙකකදී අඩු ලංසු ඉදිරිපත් කරන ලෙස හිටපු මුදල් ඇමති රවී කරුණානායක තමන්ට දැනුම් දුන් බව ලංකා බැංකුවේ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සහ මහජන බැංකුවේ සභාපතිවරුන් තිදෙනා සහ එම බැංකු වල ප්‍රධානීන් බැඳුම්කර කොමිසම හමුවේ හෙළි කළහ.

රාජ්‍ය බැංකු තුනේ ප්‍රධානීන් මුදල් අමාත්‍යංශයට කැඳවා හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා මේ බව තමන්ට දැනුම් දුන්නේ යෑයි කී ඔවුහු රවී කරුණානායක මහතාගේ මෙම දැනුම් දීමට අනුව කටයුතු කිරීම හේතුවෙන් රාජ්‍ය බැංකුවලට ලබාගත හැකිව තිබූ විශාල ලාභයක්‌ අහිමිව ගිය බවද රාජ්‍ය බැංකු වලට විශාල පාඩු සිදුවූ බවද වැඩිදුරටත් දැනුම් දුන්හ.

බැඳුම්කර කොමිසම හමුවට කැඳවනු ලැබූ ලංකා බැංකුවේ සභාපති රෝලන්ඩ් පෙරේරා මහතා, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අස්‌වින් ද සිල්වා මහතා, සහ මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා මෙන්ම එම බැංකු තුනේ නිලධාරීන් මහ බැංකු බැඳුම්කර වෙන්දේසිවලදී හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතාගේ මැදිහත්වීම් හෙළි කළහ.

මෙතෙක්‌ හෙළිවී ඇති කරුණු අනුව ආණ්‌ඩුවේ අනාගතය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න ඉදිරියේදී තව තවත් ඇතිවනු ඇත.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයට මහාචාර්ය කොල්වින් ගුණරත්න පත් කර ඇති අතර එය සයිටම් විරෝධී සටන තවත් තීව්ර කර තිබේ.

වෛද්‍ය සභාවේ සභාපති ලෙස මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පත් කරන්නට ඇත්තේ ඔහු හරහා සයිටම් නීතිගත කිරීමේ අරමුණෙන් විය හැකි යෑයි වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෙµdන්සේකා මහතා පවසා තිබේ.

කොල්වින් ගුණරත්න මහතා ඒ කාලයේ සිටම සයිටම් පක්‌ෂපාතියකු බව ද එසේ වුවත් වෛද්‍ය සභාවේදී බහුතරයේ මතයට එකඟත්වය පළ කරමින් කටයුතු කළ බව ද කාලෝ ෆොන්සේකා මහතා සඳහන් කළේය. හිටපු සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අන්තර් විශ්වවිද්‍යාලය මගින් කොටුව දුම්රිය නැවතුම්පොළ අසල ඉදි කර ඇති අට්‌ටාලයට පැමිණි අවස්‌ථාවේදී ය.

මේ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරයට මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පත්කිරීම පිළිබඳව දැඩි විරෝධය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා තිබේ.

2015දී පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී කොල්වින් ගුණරත්න එක්‌සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්‌තුවටද නම් කර තිබූ බවත් ඔහුට ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සමාගමකට සම්බන්ධයක්‌ ඇතැයි පැවසෙන බවත් නිසා ඔහු කිසිසේත්ම වෛද්‍ය සභාවේ සභාපති ධුරයට නුසුදුසු බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එසේම මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා සිය ධූරයේ වැඩ බාරගැනීමට කොළඹ වෝඩ් පෙදෙසේ කාර්යාලයට ගොස්‌ යළි එන අවස්‌ථාවේ එහි සිටි වෛද්‍ය පීඨ සිසුහු පිරිසක්‌ හූ කියමින් විරෝධය පෑහ.

වෛද්‍ය සභාව අසල උද්ඝෝෂණය කරමින් හූ කියමින් සිසුන් විරෝධය පළ කරද්දී කොල්වින් ගුණරත්න මහතා පිටව ගියේය.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා ණයට ගත් මුදලින් ඇමතිවරයකු හෙලිකොප්ටර් කුලියට ගෙන පුද්ගලික ගමන් බිමන් යමින් සිටින බවට චෝදනා එල්ලවී තිබේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිරීක්‌ෂණය සඳහා යයි සඳහන් කරමින් හෙළිකොප්ටර් යානයක්‌ කුලියට ගෙන බත්තරමුල්ලේ සිට ත්‍රිකුණාමලය දක්‌වා ගොස්‌ ඇත්තේ පෞද්ගලික සංචාරයක්‌ බවටද හෙළිවී තිබේ. මෙවැනි චෝදනාවක්‌ එල්ලවූ ඇමරිකාවේ සෞඛ්‍ය ලේකම්වරයා ( ඇමතිවරයා ) පසුගියදා ඉල්ලා අස්‌වුවද අපේ රටේ දේශපාලනඥයන්ට ඒවා සුළු දේවල් බවට පත්ව තිබේ.

මේ දිනවල කොළඹ නගරය පුරා ඇත්තේ දැඩි මාර්ග තදබදයකි. මේ ප්‍රශ්න විසඳන්නට පොලිස්‌පති පූජිත ජයසුන්දර මහතා දැඩි වෙහෙසක්‌ ගත්තද මහාමාර්ග වල රාජකාරියේ යෙදෙන කනිෂ්ඨ නිලධාරීන්ගේ අත්තනෝමතික කටයුතු නිසා මාර්ග තදබදය උග්‍ර වී තිබේ. මහාමාර්ග වල සිටින කනිෂ්ඨ පොලිස්‌ නිලධාරීන් මාර්ග තදබදය වළක්‌වනවා වෙනුවට කරන්නේ කුමන හෝ චෝදනා ඉදිරිපත් කරමින් රියදුරන්ට දඩ නියම කිරීමය. මේ නිසා මේ සියලු කටයුතු වලට මැදිහත්වන්නට පොලිස්‌පතිවරයාට සිදුව තිබේ. විනය ගරුක රියදුරන් තේරීම, සිවිල් ඇඳුමින් පොලිස්‌ නිලධාරීන් රථවාහන රාජකාරීවල යෙදවීම වැනි පොලිස්‌පතිවරයාගේ ක්‍රියාමාර්ග සමාජයේ පැසසුමට ලක්‌වී තිබේ.

ඉදිරි මැතිවරණ නව ක්‍රමවේදයකට පැවැත්වීමට තීරණය වීමත් සමඟ ප්‍රධාන පක්‌ෂ දෙකම ආසන සඳහා නව සංවිධායකවරුන් පත් කිරීම ආරම්භ කර තිබේ. ඒ අනුව රත්මලාන ආසනය හිරුණිකා ප්‍රේමචන්ද්‍රටත් දෙහිවල ආසනය ෆයිසර් මුස්‌තාපටත් ලබාදීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය තීරණය කර තිබේ.

එක්‌සත් ජාතික පක්‌ෂයේ මහරගම ආසනය පාඨලී චම්පක රණවක හට ලබාදීමට නියමිතය. මහරගම ආසනයේ සංවිධායක ලෙස මෙතෙක්‌ කටයුතු කළේ පසුගියදා ඇමති ධුරයෙන් ඉවත් කරන ලද විඡේදාස රාජපක්‌ෂ මහතාය.

ජනිත සෙනෙවිරත්න – දිවයින

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here