උතුරු පළාත් සභා මන්ත්‍රී රිෆ්කාන් බදුයුදීන් අද සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
ඔහු සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කලේ උතුරු පළාත් සභාවේ 107 වැනි සැසි වාරය අද පෙරවරුවේ සභාපති සී. වී. කේ. සිවඥානම් ගේ මූලිකත්වයෙන් ඇරඹුනු අවස්ථාවේදීය.
තම පක්ෂයේ ඊළගට වැඩි ඡන්දේ ලබා ගත් අපේක්ෂකයාට අවස්ථාව ලබා දීම තම ඉල්ලා අස්වීමේ අරමුණ බව ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.
රිෆ්කාන් බදුයුදීන් වාණීජ හා කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදුයුදීන්ගේ සොහොයුරකි.
දිනමිණ