ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථානය අතර දෙවන ටෙස්ට් තරගය

0
29
views
Sri lanka vs Paksitan cricket news
Sri lanka vs Paksitan cricket news

ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථානය අතර අද (6) පැවැත්වෙන පළමු දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිළ තීරණය කර තිබේ.

තරගය ඩුබායි හිදී පැවැත්වේ.

පළමු ටෙස්ට් තරගය ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට තරගාවලියේ එකට බිංදුවක් ලෙස පෙරමුණේ පසුවන අතර මීට පෙර පකිස්ථාන කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී කිසිදු ටෙස්ට් තරගයක් පරාජයට පත්ව නොතිබීම කැපී පෙනේ.

අද ආරම්භ වන තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත හොත් පකිස්ථාන කණ්ඩායමට 07 වන ස්ථානයට පත්විමට සිදු වන අතර ශ්‍රී ලංකා කණ්ඩායමට 06 වන ස්ථානය ලබාගත හැකි වේ.

අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලහිරු තිරිමාන්න ක්‍රීඩා නොකරන අතර ඒ වෙනුවට සධීර සමරවික්‍රම ටෙස්ට් වරම් හිමිකරගෙන තිබේ

එමෙන්ම පළමු තරඟයේ ක්‍රීඩා කළ ලක්ෂාන් සඳකැන් වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු ගමගේ කණ්ඩායමට කැඳවා තිබේ..

සජීවී විකාශනය – http://www.tharunaya.com/sinhalanews-sinhala-news-1507292046.html

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here