සන්නස්ගල ටියුෂන් වලට සමුදේ – මූසිලයන්ට ආදරය කරන්න. අනාගතය දෙස ආදරයෙන් බලන්න.

0
167
views

වසර 30ක පමණ කාලයක් සිංහල ගුරුවරයෙකු ලෙස ඉමහත් ප්‍රසිද්දියට හා ආන්දෝලනාත්මක චරිතයක් ලෙස ප්‍රසිද්ද වූ උපුල් ශාන්ත සන්නස්ගලයන් අද දින සිට සිය ගුරු දිවියට සමුදෙන බව ඔහුගේ මුහුණු පොතේ සටහනක් තබමින් ප්‍රකාශ කොට ඇත.පහතින් දැක්වෙන්නේ එම සටහනයි.

ගුත්තිල හොඳ ගුරුවරයෙක් නෙමෙයි. ගෝලයා පරද්දන්න සකාගෙ ගුලි කාපු එකෙක්. තහනම් උත්තේජක ගැන පළමු ඉතිහාස කතාව ඒක.
ගෝලයො නෙමෙයි ශිෂ්‍යයො හදන්න කියා දෙන්නෙ ආගමික ඉතිහාසය නෙමෙයි. අලුත් දැනුම. ගෝලයා බලන් ඉන්නෙ ගුරා වගේ වෙන්න. ඔටෝ පයිලට් ස්වීප් එක ඇදෙනකල්. ඒ ගුත්තිල වර්ගයේ අටංපහුරු ඉගැන්වීම.

ගුඩ් ගුරුවරයා සිසු පරපුරක් හදනව. උඹලට ඔටෝ පයිලට්ලා නෑ, ලයිෆ් එක අසීරුයි, ආපස්සට නෙමෙයි ඉස්සරහට පැඩ්ල් කරපං කියල දිරි දෙනවා.
අද ගුරු දිනේ ලු.මගේ වසර තිහක ගුරු ජීවිතය අදින් අවසන් කරනව. නුගේගොඩ අන්තිම පන්ති කීපය සිසුවෙකුට භාර දුන්න.

දැන් මං නිවීසැනසිල්ලෙ මේ තිස් වසරක ඉතිහාසය ලියන්න ඕන.

දොරක් වහන හැම වෙලාවෙ ම
අලුත් දොරක් ඇරගන්න.
මූසිලයන්ට ආදරය කරන්න.
අනාගතය දෙස ආදරයෙන් බලන්න.

මං

අපේ රටේ ගුරු ගීතය ලියනව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here