ආනයනික කෘෂි භාණ්‌ඩ බදුවලින් නිදහස්‌ – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

0
25
views

ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය සාර්ථක කර ගැනීම සඳහා, පිටරටින් ගෙන්වන සියලුම කෘෂිකාර්මික භාණ්‌ඩ සහ තාක්‌ෂණික උපකරණ බදුවලින් නිදහස්‌ කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (06 දා) පැවසීය.

කැකිරාව තිබ්බටුවැව වෙල්යාය පරිශ්‍රයේ පැවති ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමයේ සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපතිවරයා එසේ කීවේය.

මෙම ජාතික වැඩසටහන පුළුල් ලෙස ඉදිරියට ගෙනයැමට 2018 වසර දේශීය ආහාර නිෂ්පාදන වර්ෂය ලෙස නම් කරන බව ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය අද දින උත්සවයකට හෝ සතියකට සීමා නොවන වැඩපිළිවෙළක්‌ වන අතර, එය තුන් අවුරුදු සැලැස්‌මක්‌ යටතේ ඉදිරියට යන පුළුල් ජාතික වැඩසටහනක ආරම්භයක්‌ බවද ප්‍රකාශ කළ ජනාධිපතිවරයා සියලුම රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන ඇතුළු සියලු අංශ වගකීමකට එහා ගිය යුතුකමක්‌ සේ සලකා එයට දායක විය යුතු බවද සඳහන් කළේය.

දේශීය ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ ගොවි ජනතාවට රාජ්‍ය බැංකු සහ රාජ්‍ය නොවන බැංකුවලින් හිමිවන සහන පිළිබඳ දැනුම් දෙන ලෙස රජය මේ වන විට උපදෙස්‌ ලබාදී තිබෙන අතර කෘෂිකාර්මික ක්‌ෂේත්‍රයට අදාළ භාණ්‌ඩ සඳහා යම් සහනදායී වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරන ලෙස පෞද්ගලික ආයතනවලින් ද ඉල්ලීමක්‌ කර තිබෙන බව ජනාධිපතිතුමා කියා සිටියේය.

එමෙන්ම 2018 ජාතික අයවැය සඳහා කෘෂිකර්මාන්තය මෙන්ම ගොවි ආර්ථිකය ශක්‌තිමත් කෙරෙන යෝජනා රැසක්‌ ඇතුළත් කිරීමට තීරණය කර තිබෙන බව ද ජනාධිපතිවරයා පැවසීය.

සුදත් ඒකනායක – දිවයින

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here