ගුද මාර්ගයේ ලක්‍ෂ 11ක රන්; ගුවන්තොටේදී කත දැලේ

0
15
views

රුපියල් ලක්‍ෂ 11ක්‌ පමණ වටිනා රන් කැබලි සිරුරේ සඟවාගෙන ඉන්දියාවේ කොයිම්බටූර් බලා යැමට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවක්‌ පෙරේදා (05වැනිදා) රාත්‍රියේදී කටුනායක බණ්‌ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

රේගු නිලධාරීන්ට ලැබුණු තොරතුරුකට අනුව මෙම කාන්තාව අත්ඩංගුවට ගෙන පරීක්‍ෂා කිරීමේදී සිය ගුද මාර්ගයේ සඟවා තිබූ ග්‍රෑම් 178ක්‌ බරැති රන් කැබලි රේගු අත්අඩංගුවට ගත් බව රේගු අධ්‍යක්‍ෂ පරාක්‍රම බස්‌නායක මහතා ‘දිවයින’ට පැවසීය.

නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන උපුල්, දෙහිගස්‌පේ හා සහකාර රේගු අධිකාරී අමිල් මධුෂාන් යන නිලධාරීන් විසින් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගත් බවද බස්‌නායක මහතා ප්‍රකාශ කළේය.

රේගු අධ්‍යක්‍ෂ පරාක්‍රම බස්‌නායක මහතාගේ උපදෙස්‌ මත නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ එම්. ගුණරත්න මහතා විසින් මේ පිළිබඳ රේගු පරීක්‍ෂණය පවත්වා රන් කැබලි රාජසන්තක කර සැකකාර කාන්තාවට රුපියල් ලක්‍ෂයක දඩයක්‌ නියම කරන ලදී.

ප්‍රභාත් විතාන, අනුර බාලසූරිය – දිවයින

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here