කැටලෝනියාවට ස්වාධින විය නොහැකියි – ස්පාඤ්ඤ අගමැති

0
18
views

ස්පාඤ්ඤයේ, කැටලෝනියා කලාපයේ වැසියන් ලබාගත් ස්වාධීන වීමේ අයිතිය, ස්පාඤ්ඤ ව්‍යවස්ථාවට අනුව බලාත්මක නොවනු ඇති බව එරට අග්‍රාමාත්‍ය මරියානෝ රජෝයි පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, ව්‍යවස්ථාවවේ 155 වැනි වගන්තියට අනුව ප්‍රාන්ත රජයන් සතු බලතල ඉවත් කර යළි මහමැතිවරණයක් පැවැත්වීම කෙරෙහි සිය අවධානය යොමුවී ඇති බව ය.

මේ අතර කැටලෝනියානුවන් ලබාගත් ස්වාධීනත්වය උදෙසා වන අයිතියට විරෝධය පළ කරමින් ස්පාඤ්ඤ වැසියන් මැඩ්‍රීඩ් නුවර දැවැන්ත විරෝධතා පෙලපාලි ආරම්භ කර තිබේ.

ඔවුන් ඉල්ලා සිටින්නේ උද්ගතව ඇති අර්බුදයට දේශපාලනමය විසඳුමක් ලබා ගැනීම සඳහා වහාම සාකච්ඡා පවත්වන ලෙස ය.

පසුගිය 01 වැනිදා කැටලෝනියා කලාපයේ පැවති නීති විරෝධී ජනමත විචාරණයේ ජයත් සමග, ඒකපාර්ශවීය ලෙස ස්වාධීනත්වය උදෙසා වන අයිතිය ජය ගැනීමට, කැටලෝනියානු වැසියන් සමත් විය.

සියයට 42 වන ඡන්ද දායකයින්ගෙන් සියයට 90 ම ස්වාධීන්තවයට පක්ෂව ඡන්දය භාවිත කළේ, ජනමත විචාරණය නිති විරෝධී බවට ස්පාඤ්ඤ අධිකරණයක් මගින් ප්‍රකාශ කර තිබියදී ය.

මේ හේතුවෙන් ඡන්දය පැවැත්වීම වැළැක්වීමට ස්පාඤ්ඤ පොලීසිය පියවර ගත් අතර, එහිදී පොලීසිය සමග හටගත් ගැටුම් වලින් 300 ට අධික පිරිසක් තුවාල ලැබිණි.

-දිනමිණ-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here