අනුරාධපුර පුජා නගරයෙන් ලිංගික ශ්‍රමිකයන් අල්ලයි

0
50
views

අනුරාධපුර පූජා නගරයේ ප්‍රසිද්ධ ස්ථානවල සැරිසරමින් අවකල් ක්‍රියාවේ නිරතවූ ලිංගික ශ්‍රමිකයන් තිදෙනෙකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශය මගින් ඊයේ (08) සවස සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරියන් අනුරාධපුර පැරණි බස් නැවතුම්පල නව බස් නැවතුම්පල හා අනුරාධපුර මහ නගර සභාව ඉදිරිපිටදී අත්අඩංගුවට පත්වී ඇති අතර ඔවුන් අනුරාධපුර කුරුන්දන්කුළම හා මීගොඩ පාගොඩ යන ප්‍ර දේශවල පදිංචිකරුවන් බව පොලිසිය පැවසුවේය.

අනුරාධපුර නව නගරයේ සිටි නගර සෝභනිය පිරිමි පුද්ගලයෙකු සමග උසුළු විසුළු කරමින් ඔහුගේ ඇග අතපත ගාමින් සිටියදී කාන්තා පොලිස් නිළධාරින් එම ස්ථානයට ගොස් සැකකාරිය පරික්ෂාවට ලක්කර අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඇයගේ ප්‍රකාශයන්මත පොලිස් නිළධාරින් අනුරාධපුර නගර සභාව ඉදිරිපිට පිහිටි බස් නැවතුමේ සිටි කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය ගැණුම්කරුවෙකු සමග නිවාඩු නිකේතනයකට යාමට සුදානම් වන අවස්ථාවේදීම පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණු අතර සෙසු සැකකාරිය අනුරාධපුර පැරණි බස් නැවතුමේදි අත්අඩංගුවට ගෙන තිබුණි.අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනෙකු කොළඹ සිට අනුරාධපුර නගරයට පැමිණ ගණිකා වෘත්තියේ නියැලෙන බවත් එක් සැකකාරියකට අධිකරණයේ නඩුවක් විභාගවෙමින් පවතින බවත් පොලිසිය පැවසුවේය.

ඔවුන් තිදෙනාම ප්‍රසිද්ධ ස්ථානයන්හි අවකල් ක්‍රියාවේ නිරතවීමේ චෝදනාවමත අද(09) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සංජීව මහනාම මහතාගේ උපදෙස්මත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ඩී.බී.අයි ප්‍රේමරත්න උප පොලිස් පරික්ෂක රංජිත් කාන්තා පොලිස් කොස්තාපල් 9127 දිල්රුක්ෂි යන මහත්ම මහත්මීන් වැටලීම සිදුකර තිබේ.

(අනුරාධපුර මධ්‍යම විශේෂ – දිනමිණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here