එක පන්දුවක් යොමු කිරීමට පස්වතාවක් පමණ උත්සහ කිරීම නිසා පකිස්තාන් පුහුණුකරුට යකා වැහෙයි(video)

0
53
views

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනයේ සිදුවූ සිදුවීමක් පිළිබඳ මේ වන විට කතා බහක් ඇතිව තිබෙනවා.

ඒ පාකිස්ථානු කණ්ඩායමේ වහාබ් රියාස් පිළිබඳවයි.

තරඟයේ 111 වන පන්දුවාරය ක්‍රියාත්මක කළ වහාබ් පස්වන පන්දුව යොමු කිරීමට පස්වතාවක් පමණ උත්සහ කිරීමට මෙයට හේතුව වී තිබුණා.එම අවස්ථා පහේදීම පියවර වැරදී යාම නිසා ඔහුට පන්දුව යොමු කිරීමට නොහැකි වූ අතර පාකිස්ථානු ක්‍රීඩකයන් මෙන්ම පුහුණුකරු මිකී ආතර්ද සිදුවන්නේ කුමක්දැයි වටහා ගැනීමට නොහැකි අයුරින් තම හැඟීම් පළකරනු දැකගත හැකි වුණා.

ඔහු මෙම පන්දුව යොමු කිරීමට විනාඩි 5ක් පමණ වැයකර තිබුණා.

මෙය එක්තරා ආකාරයට තරඟ පවාදීමක් දැයි සැක මතුව තිබෙන බව මේ වන විට වාර්තා වනවා.කෙසේ වෙතත් ලකුණු 196ක් රැස් කරගෙන සිටි දිමුත් කරුණාරත්න දවා ගැනීමට සමත් වූයේ වහාබ් රියාස් විසිනි.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here