ජාතික නිදහස් පෙරමුණ හා ජනපති අතර හමුවක්..

0
39
views

තම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා මුණගැසීමට අනිද්දා (11) දිනයේ අවස්ථාවක් ලැබුණු බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.

එහි නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර කියා සිටියේ එම සාකච්ඡාවේදී තීරණාත්මක කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කරන බවයි.

බලාත්කාරයෙන් අතුරුදන් කිරිම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය මෙරට නීතියට ඇතුළත් කිරිම සම්බන්ධයෙන් නීතිය වළක්වන ලෙසත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත නොකරන ලෙසත් තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිසක් සියම් මහ නිකායේ කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක අතිපූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් මුණ ගැසුණා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව සම්බන්ධයෙන් එකග නොවන කරුණු ඇතුළත් කර සකස් කළ වාර්තාව ලබාදීම සඳහායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here