දන්වා තිබු දිනයටත් කලින් නාමල් රාජපක්ෂ පොලිසිය හමුවේ පෙනී සිටි(video)

0
42
views

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, හම්බන්තොට පොලිසියට පැමිණ තිබෙනවා.

ඒ, හම්බන්තොට ඉකුත්දා පැවති විරෝධතාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

එහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට මෙන්ම ඩී වී චානක මන්ත්‍රීවරයාට ද හෙට (10) දිනයේ පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසටයි දන්වා තිබුණේ.

එහෙත් කාර්ය බහුල තත්ත්වය මත නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අද (09) දිනයේ පොලිසිය වෙත පැමිණ තිබෙනවා.

මීට අමතරව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර, දකුණු පලාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරාල සහ මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු මේජර් අජිත් ප්‍රසන්නට ද අද (09) දිනයේ පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසටයි දැනුම් දී ඇත්තේ.

මේ අතර හම්බන්තොට විරෝධතාවයේදී කළහකාරි ලෙස හැසිරුණු පුද්ගලයන් සෙවීම සඳහා ඊයේ (09) රාත්‍රියේ හම්බන්තොට හා ඒ අවට ප්‍රදේශවල විශේෂ පොලිස් මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර තිබුණා. එහෙත් එහිදී කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here