පුංචි දෙව්මිණිගේ දුක් කඳුළු සතුටු කඳුළු බවට පෙරලමින් ජනපති පුත් දුන් පොරොන්දු ඉටු කරයි.

0
24
views

පසුගිය මැයි මාසයේ රටටම බලපෑ ගංවතුර තත්වයෙන් බොහෝ දෙනෙකුට තම උන්හිටි ස්ථාන අහිමි වුණා. මෙම ආපදා තත්වය හේතුවෙන් කිහිප දෙනෙකුට තම ජීවිතද අහිමි වුණා. මේ අතර මෙම ආපදා තත්වයත් සමග කලු ගඟේ රුදුරු බවට හසුව පියකුගේ රැකවරණයද අහිමි වූ දියණියකගේද, ස්වාමි පුරුෂයකුගේ රැකවරණයද අහිමි වූ බිරිඳකගේද ජීවිත උඩු යටිකුරු කර දැමුවේ ඔවුනට ඇඳිවත පමණක්ම ඉතිරි කරමින්. ඒ ගංවතුරට හසුව එතෙක් කල් ඔවුන් විසු කුඩා නිවස ජල රකුසා රැගෙන ගියේ දෙව්මිනි දිනේත්‍රා දියණියගේ සහ මවගේ අහිංසක හීනද ගංවතුරටම යට කරමින්ය

අගහිඟ කම් මද වේල පිරිමසා ගනිමින් දෙව්මිනිගේ අධ්‍යාපනය ඉදිරියට රැගෙන ගිය රෝගී මවට රෝදුරු ගංවතුරට ගසාගෙන ගිය තම නිවස නැවත තැනීම සිහිනයක් පමණක් බවට ඇයගේ මව මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුන. පුංචි දෙව්මිනිගේ මෙම ගැටලුව මාධ්‍ය වලින් දුටු ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මහතා ජූනි මස 15 බ්‍රහස්පතින්දා වන දින තමන්ගේ පුංචි නිවහන සමග පුංචි සිහිනද ගංවතුරේ ගසගෙන ගොස් ඇඳිවත පමණක් ඉතිරිව කල් ගෙවන මේ දක්ශ පුංචි දෙව්මිනී දියණිය විසූ ප්‍රදේශයට ගොස් පුංචි දෙව්මිණිගේ කඬාවැටුනු නිවස සහ සිදුවූ සිදුවීම නීරීක්ෂණය කර එහිදී දෙව්මිණි දැරියට සහ ඇගේ මවට සුදුසු ස්ථානයක නව නිවසක් කඩිනමින්ම ඉදිකර දෙන බවට පොරොන්දුවක් ලබා දුන්නේය.

එමෙන්ම ඊට අදාල ඉඩමක් ලබා ගැනීම සඳහා දහම් සිරිසේන මහතා එම දිනයේම (ජූනි 15 බ්‍රහස්පතින්දා ) කිරිඇල්ල නැඳුන් රජමහා විහාරස්ථානයේ නායක ස්වාමින්වහන්සේ හඳපාන්ගොඩ මහින්ද නායක ස්වාමින් වහන්සේ සහ හිටපු ශ්‍රීපාදස්ථානාධිපති හඳපාන්ගොඩ විමල නායක ස්වාමින්වහන්සේ මුණ ගැසී මේ පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවේය.

 

ඒ අනුව එම පොරොන්දුව ලබා දී සතියක් ගත වූ ජූනි මස 22 වන දින පුංචි දෙව්මිණි දැරියගේ අහිමි වූ නිවෙස වෙනුවට නව නිවෙසක් සෑදීම සඳහා මුල් ගල තැබීම අවට විහාරස්ථාන වල ස්වාමින් වහන්සේලාගේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ජූනි මස 22 උදෑසන 10.15ට යෙදුන සුභ නැකතින් දහම් සිරිසේන මහතා අතින් සිදු වුණා.

නව නිවෙස ඉදිකිරිම සඳහා අවශ්‍ය ඉඩම පොරොන්දු වූ පරිදි කිරිඇල්ල නැඳුන් රජමහා විහාරස්ථානය විසින් පරිත්‍යාග කල අතර නිවෙස ගොඩ නැගීමසඳහා රජයේ කිසිඳු ප්‍රතිපාදනයක් ලබා නොගෙන තම පෞද්ගලික දැන හැඳුනුම්කම් මත ආධාර උපකාර ලබාගෙන මාස 3ක් ඇතුලත ගොඩනැගීමට දහම් සිරිසේන මහතා උපරිම උත්සහ කරන බව ජූනි මස 22 දින දෙව්මිනී දැරියගේ මව වෙත ප්‍රකාශ කර සිටියේය.​

ඒ අනුව ඉදිවූ අංගසම්පූර්ණ නිවෙස කාමර 3 ක්, ආලින්දයක්,මුලුතැන්ගෙයක් සහ නාන කාමරයකින්ද සමන්විත අතර නව නිවෙස සඳහා අවශ්‍ය ගෘහ භාණ්ඩද මේ සමග ලබා දෙන ලදී.

Image may contain: 2 people, people smiling, people sitting, people standing and child

Image may contain: 7 people

Image may contain: people sitting and indoor

Image may contain: 2 people, child and outdoor

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here