පොළොන්නරුව, ලක්ෂඋයන කණිෂ්ඨ විද්‍යාලයේ නව දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල ජනපති අතින් සිසු අයිතියට

0
26
views

පොළොන්නරුව, ලක්ෂඋයන කණිෂ්ඨ විද්‍යාලයේ අලූතින් ඉදිකරන ලද දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (09) පස්වරුවේ පැවැත්විණි.

එදා ගම පාසල සහ පන්සල සමග බැදි ග්‍රාමීය සංස්කෘතිය ජාතික සමගියට පදනම වූ බව මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිතුමා ග්‍රාමීය සංස්කෘතිය තුළ විනයෙන් සහ හැදියාවෙන් පිරිපුන් පුරවැසියන් රටට දායාද කෙරුණු බව ද කියා සිටියේය.

1947 ආරම්භකළ ලක්ෂඋයන සේවාමුක්ත භට ජනපදයේ මුල් පදිංචිකරුවන් වූ දිවංගත මව් පියවරුන් සිහිපත් කරමින් පින් පැමිණවීම සහ ජීවත්වන සියලූදෙනා වෙත නිරෝගි සුවය ප්‍රාර්ථනා කරමින් විද්‍යාලයේ පැවති දානමය පුණ්‍ය කර්මය සදහා ද ජනාධිපතිතුමා එක් විය.

අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

ලක්ෂඋයන කණිෂ්ඨ විද්‍යාලයේ සමස්ත ලංකා මට්ටමින් ජයග්‍රහණ ලබාගත් සිසුන්ට සම්මාන සහ සහතික පත් ප්‍රදානය ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

ලක්ෂඋයන ප්‍රාථමික විද්‍යාලයේ දරුවන්ගේ මෙන්ම ලක්ෂඋයන ගම්වාසින්ගේ උපහාරය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පුද කරමින් උපහාර තිළිණ පිළිගැන්වීම ද සිදු කෙරිණි.

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා සහ ලක්ෂඋයන ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

( ඡායාරූප : උදේශ් ගුණරත්න – ජනාධිපති මාධ්‍ය අංශය )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here