වව්නියාවේ පාසලක ගොඩනැගිල්ලක් ගිනිගෙන අළු වෙයි.

0
19
views

වවුනියාව, ස්ත‍්‍රීකූලාන්කුලම්, භාරතිදාසන් විද්‍යාලයේ විද්‍යාල ගොඩනැගිල්ලක් ඊයේ (08) රාත‍්‍රියේ ගිනිගෙන ඇති බව වවුනියාව ඊච්චන්කුලම පොලිසිය පවසයි.

ඊච්චන්කුලම පොලිසිය පැවසූවේ විද්‍යාලයේ ගුරු දින වැඩසටහනක් අද(09) පැවැත්වීමට නියමිතව පැවති අතර, ඊට පෙරදින රාත‍්‍රියේ විද්‍යාලයේ පන්ති පැවැත්වු තාවකාලික ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන් ගිනිගෙන ඇති බවයි.

පොලිසිය පැවසූවේ ගින්න හේතුවෙන් විද්‍යාල ගොඩනැ`ගිල්ල තුළ තිබු භාණ්ඩද ගිනිගෙන විනාශ වි ඇති බවයි.

ගින්න ස්භාවික හේතුවක් මත හෝ කිසියම් කඩාකප්පල්කාරි ක‍්‍රියාවක් හේතුවෙන් හට ගන්නට ඇති දැයි සොයා පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුවි නොමැති අතර, ප‍්‍රදේශවාසීන්ගේ සහයෝගය යටතේ ගින්න නිවා දැමු බවද පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව ඊච්චන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here