නාමල්ගේ සමාගම් අධ්‍යක්ෂවරිය ගුවන්තොටුපොළේදී CID අත්අඩංගුවට (Video)

0
988
views

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් බව කියන ගවර්ස් සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ ඉරේෂා ද සිල්වා මහත්මිය කටුනායක ගුවන් තොටුපළේදී අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය අත්අඩංගුවට පත්ව ඇත්තේ, අබු ඩාබි සිට අද අළුයම 5.5 ට මෙරටට පැමිණි අවස්ථාවේදීයි.

අප කළ විමසීමකදී ගුවන්තොටුපොළ ආගමන විගමන කාර්යාලය සඳහන් කළේ, අධිකරණ වරෙන්තුවක් මත ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බවයි.ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගවර්ස් කෝපරේටඩ් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමග කළ ගනුදෙනුවකදී රුපියල් මිලියන 30ක මුදලක් උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදී සිදු කිරීම ඇතුළු අධීචෝදනා 11 යටතේ නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබූ නඩුවකට අදාළවයි.

මෙම නඩුවට අදාළ විත්තිකරුවන් දෙදෙනෙකු වූ නිතීඥ ඉන්දික ප්‍රභාත් කරුණාජීව, ඔනෙලා ඉරේෂා සිල්වා රටින් පළා ගොස් සිටියහ.

රටින් පලාගොස් ඇති දෙවන හතරවන විත්තිකරුවන් නොමැතිව විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය තීරණය කරනු ලැබුවේ, පසුගිය මස 18 වන දා ය.

ඉරේෂා සිල්වා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය මගින් විවෘත වරෙන්තු නිකුත් කිරීමට අධිකරණය නියෝග කරනු ලැබුවේ, පසුගිය පෙබරවාරී 9 වන දායි.

අත්අඩංගුවට ගැනීමට අදාල වීඩියෝව පහතින් නැරබිය හැක.

BREAKING : රටින් පැන ගොස් සිටි මන්ත්‍රී නාමල්ට අයත් ගවර්ස් සමාගමේ අධ්‍යක්ෂවරිය කටුනායකදී අත්අඩංගුවට ගනී….Iresha de Silva, a director of Gowers Co. which is said to be owned by MP Namal Rajapaksa arrested at the BIA early this morning.වැඩි විස්තර සඳහා පිවිසෙන්න…. https://goo.gl/6whmYtStory link: https://goo.gl/mwz3TZ#lka #MP #NamalRajapaksa #IreshaDeSilva #CID

Posted by Newsfirst.lk on Monday, October 9, 2017

newsfirst

චායා රුපය ශ්‍රී ලන්කන් මිරර්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here