නාමල් රාජපක්ෂ පොලිස් අත්අඩංගුවට – Breaking News

0
560
views

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු මහජන නියෝජිතයින් 06 දෙනෙකු මීට සුළු මොහොහකට පෙර පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

පසුගිය 06 වැනිදා අධිකරණ නියෝගයක්ද නොසලකමින් විරෝදතා වියාපාරයක් හම්බන්තොට ප්‍රදේශයේ සංවිධානය කිරිමේ චෝදනාවට අදාළවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ,ප්‍රසන්න රණවීර, ඩී.වී. චානක,සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි උපාලි කොඩිකාර හා අජිත් ප්‍රසන්න යන පුද්ගලයන්ට පසුගියදා හම්බන්තොට සිදු කරන ලද කලහකාරී උද්ගෝෂණය සම්බන්දයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හම්බන්තොට පොලීසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබුනු අතර ඔවුන් අද රාත්‍රි පොලීසියට පැමිණි අතර.ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අධිකරණය ඉදිරිපත් කිරිමට නියමිතය.

වැඩි විස්තර බලාපොරොත්තු වන්න .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here