බැඳුම්කර වංචාකරුවන්ගේ දේ‍පොල රාජසන්තක වෙනවා – ජී. එල්

0
200
views

ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කරන ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම හරහා දැනට හෙළිදරව් වන කරුණු අනුව චෝදනා ලැබ සිටින පුද්ගලයන්ට සිර දඬුවම් හා අදාළ රාජ්‍ය අලාභය අයකර ගැනීම සඳහා ඔවුන් සතු දේපළ රාජසන්තක කිරීමට සිදුවනු ඇතැයි මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කරයි.

මහ බැංකුවේ සිදුව ඇති මහ මුදල් කොල්ලය පිළිබඳව ජනාධිපති කොමිසම දැන් විමර්ශන කටයුතු කරනවා. දැන් හෙළිවී තිබෙන කරුණු අනුව රාජ්‍ය බැංකුවලට හා අර්ථසාධක අරමුදලට අයවිය යුතුව තිබූ විශාල ලාභයක් අහිමි වීමට හේතුව එවකට මුදල් ඇමැතිවරයා දුන් උපදෙස් බවත් දැන් හෙළිවී තිබෙනවා. මේ කරුණු සියල්ල පිළිබඳව සලකා බැලීමේදී මේ ජනතා මුදල් කොල්ලය ඉතාම සැලසුම් සහගතව සිදුකර ඇති බව අවබෝධ කරගන්න පුළුවන්. මේ අපරාධයට සම්බන්ධ අයට හා ඊට අනුබල දුන් අයට ඉන් බේරෙන්න දැන් ක්‍රමයක් නෑ. කොමිසමට දඬුවම් දෙන්න බලයක් නැති වුණත් කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයාට ලැබුණු පසු එය අනිවාර්යයෙන්ම නීතිපතිට බාරදී අධිකරණ කටයුතු කරන්න සිදුවනවා යැයිද පීරිස් මහතා කීවේය.

මේ මුදල් කොල්ලය ගැන දැන් ජනතාවට ඔවුන්ගේ මතය ප්‍රකාශ කරන්න ක්‍රමයක් නෑ. ඒ නිසයි ජනතාව ඡන්දයක් ඉල්ලන්නේ. රජය ජනතාවගේ ඒ පරමාධිපත්‍යයත් කොල්ලකමින් රජයේ සිටින තාක් සාක්කු පුරවා ගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවද පීරිස් මහතා කීවේය. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

ජයසූරිය උඩුකුඹුර – ලක්බිම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here