ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

0
29
views

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය ලකුණු 68කින් ජය ගැනිමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබේ.

තරඟ දෙකකින් යුත් මෙම ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය 2-0 ලෙස ශ්‍රී ලංකාවට ජය හිමිව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ඉනිම සඳහා ලකුණු 482ක් ලැබූ අතර එයට පිළිතුරු ලෙස පාකිස්තානු කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 262කි.

දෙවන ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 96ක් හිමි කර ගත් අතර ලකුණු 317ක ජයක්ග්‍රාහි ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායමට සියළු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 248ක් පමණි.

පාකිස්තාන ක්‍රීඩක අසාත් සාෆික් ලකුණු112ක් රැස්කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ඩිල්රුවන් පෙරේරා කඩුළු 5ක් දවා ගැනීමට සමත් විය.

තරඟයේ වීරයා බවට පත් වූයේ දිමුත් කරුණාරත්නය.

කලකට පසු ලොව වටා විසිර සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙය මහත් සතුටට හේතු වූ කාරණයක් විය.කලම්බෝ ප්‍රෙස් අපගේ සුබපැතුම්ද අපගේ සිංහයන්ට මෙසේ පල කර සිටින්නෙමු.

චායා රුපය බි බි සි පුවත් සේවය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here