ට්‍රම්ප්ගේ පළමු නෝනයි අලුත් නෝනගෙයි ගැටුමට මුල්වූ හේතුව මෙන්න.

0
38
views

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමුවැනි බිරිය වන ඉවානා ට්‍රම්ප් “ඒබීසී” රූපවාහිනී සේවයේ විකාශය වුණු “ගුඩ් මෝර්නින් ඇමෙරිකා” වැඩසටහන සඳහා ප්‍රකාශ කර ඇත්තේ තමන් ට්‍රම්ප්ගේ පළමුවැනි බිරිය බවත්, එසේම පළමුවැනි කාන්තාවද බවත්ය.

ඇයගේ ජීවිත අත්දැකීම් පිළිබඳව ලියවුනු නැව ග්‍රන්ථය එළිදැක්වීම නිමිති කරගෙන මෙම රූපවාහිනී සාකච්ඡාව පැවැත්විණි.

මෙම කතාව කන වැටුණු ජනාධිපති ට්‍රම්ප්ගේ වත්මන් බිරිය වන මෙලානියා ට්‍රම්ප් ඉතා තද බල ප්‍රහාරයක් එල්ලකර ඇත. එනම් ඉවානා ට්‍රම්ප් පැවසු “තමන් පළමුවැනි කාන්තාවය” යන ප්‍රකාශය පිළිබඳවය.

රටක පළමුවැනි කාන්තාව යැයි කියන්නේ එරටේ ජනාධිපතිවරයාගේ බිරියටය. එසේත් නැතිනම් එම රටේ අගමැතිවරයා නායකයා නම් අගමැතිවරයාගේ බිරියටය. මේ අනුව සැබෑ ලෙස ඇමරිකාවේ පළමුවැනි කාන්තාව වන්නේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වත්මන් බිරිය වන මෙලානියා ට්‍රම්ප්ය.

මෙම තත්ත්වය යටතේ ට්‍රම්ප්ගේ පළමුවැනි බිරිය වන ඉවානා කළ ප්‍රකාශයට ඇය උරණ වී ඇත. මෙලානියා තම ප්‍රකාශය තමන්ගේ නිල ප්‍රකාශිකාව හරහා සිදුකර ඇත.

තමන් පළමුවැනි කාන්තාව යැයි කියා ගැනීමට ඇය හරිම කැමැත්තෙන් ඇති. ඇයට මෙසේ කියා ගැනීමට වුවමනා වී ඇත්තේ ඇයගේ වාසියටයි. තමන්ගේ දරුවන්ට මේ මඟින් උදව් උපකාර ලබා ගැනීමට මිස ඇයට මේ මඟින් පොත් විකුණගන්න ඕනා නැහැ.

තමන් කෙරෙහි අවධානය යොමු කරවා ගැනීමට ඉවානා මෙසේ ප්‍රකාශ කා තිබෙනවා. ඇය “වයිට් හවුස්” මන්දිරය තමන්ගේ ගෙදර කරගන්නට හදනවා යැයි මෙලානියා ට්‍රම්ප් ඉවානා සමච්චලයට ලක්කර ඇත.

“මට “වයිට් හවුස්” සමඟ කෙලින්ම ගනුදෙනු කරන්න පුළුවන්. එත් මෙලානියා එහි සිටින නිසා මම එසේ කරන්නේ නැහැ. ඉරිෂ්‍යවක් ඇති කර ගන්න මට වුවමනාවක් නැහැ ” යැයි ඉවානා ට්‍රම්ප් රූපවාහිනී සාකච්ඡාවට ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here