ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ටෙස්ට් වලින් හතෙන් හයට

0
23
views

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීමට අනුව හත්වන ස්ථානයේ සිට හයවන ස්ථානය දක්වා ඉදිරියට ඒමට ශ්‍රී ලංකාව සමත්ව සිටියි.

ඒ පාකිස්ථානය සමඟ පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ලකුණු 68 ක ජයග්‍රහණයක් වාර්තා කිරීමත් සමඟිනි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියකින් පාකිස්ථානය පරාජයට පත් කළ පළමු රට ලෙස ද වාර්තාවක් තැබීමට මෙවර ශ්‍රී ලංකාවට හැකිවිය.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන තරඟ පහකින් යුතු ක්‍රිකට් තරඟාවලිය ලබන 13 සිකුරාදා ඩුබායි හිදී පැවැත්වෙනු ඇත.

ලක්බිම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here