ගුගල් ලෝකල් ගයිඩ් 2017 සමුළුවට ලංකාවෙන් තරුණයෝ දෙදෙනෙක්

0
85
views

ගුගල් කියන්නේ අපි කාටත් නැතුවම බැරි දිනපතා භාවිත කරන සේවයක් .ගුගල් සෙවුම් යන්ත්‍රයට වගේම තවත් සේවාවන් රැසක් තිබෙනවා.ඉන් එක් සේවාවක් තමා ගුගල් මැප් , අපි කවුරුත් ගුගල් මැප් සේවයත් හරි හරියට බාවිතා කරනවා.

ගුගල් මැප් එකේ තියන විස්තර ඔක්කොම ගුගල් එකේ ය දාපුවා නෙමේ .ඒ තොරතුරු යාවත්කාලින වෙන්නේ ලෝක ප්‍රජාවගෙන් .ලංකාවෙත් ලොකු කණ්ඩායමක් මේ විදියට ගුගල් එකට සුවෙච්චාවෙන් තොරතුරු සපයනවා.ඒ සේවයට කියන්නේ ගුගල් ලෝකල් ගයිඩ් කියලා (Google Local Guides).තමන්ගේ නිදහස් කාලය සුවෙච්චාවෙන් කැප කරමින් ඔවුන් කරන්නේ අනගි සේවයක්.

ලංකාවේ ඉන්න ශ්‍රී ලන්කන් ගුගල් ලෝකල් ගයිඩ් කණ්ඩායමේ දෙදෙනෙක්ට මේ අවුරුද්දේ අපුරු අවස්ථාවක් හිමි වෙලා තියෙනවා.තම ගුගල් වෙනුවෙන් කරන සේවය දුටු ගුගල් ආයතන අපේ ලංකාවේ තරුණයෝ දෙන්නෙක් මේ අවුරුද්දේ ගුගල් ලෝකල් ගයිඩ් 2017 සමුළුවට තෝරාගෙන.ඔවුන් දෙදෙනා මේ වෙනකොටත් ඇමෙරිකාවේ එම සමුළුවට සහබාගි වෙමිනුයි සිටින්නේ .

තුෂි ඉලන්කොවන් (Thushy Ilankovan) සහ අනුරාධ පියදාස (Anuradha Piyadasa) කියන තරුණයෝ දෙදෙනාට තමා මේ අවස්ථාව හිමි වුනේ.මේක ශ්‍රී ලංකාව ලබපු ලොකු ජයග්‍රහණයක්.

පහත ලිපිනයෙන් ඔබටත් කණ්ඩායමත් එක්ක සම්බන්ද වෙන්න පුළුවන්.

https://www.facebook.com/groups/SriLankaLocalGuides/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here