දුම්රිය ධාවනයට විශ්‍රාමික රියදුරන් සහ නියාමකවරු

0
25
views

දුම්රිය රියැදුරන්ගේ සහ නියාමකවරුන්ගේ හදීසි වැඩ වර්ජනය නිසා අඩාල වී ඇති දුම්රිය සේවය යථා තත්වයට පත් කර ගැනීම සඳහා කොන්ත්‍රාත් පදනම යටතේ සේවය නියුතු විශ්‍රාමික දුම්රිය රියැදුරන් සහ නියාමක වරුන් වහා සේවයට කැඳවීමට කටයුතු යොදා ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම් අබේවික්‍රම මහතා සදහන් කරයි.

ඔවුන් අද දහවල් සේවයට වාර්තා කිරීමෙන් පසුව අද පස්වරුවේ සිට දැනට අඩාලව පවතින දුම්රිය සේවය සාමාන්‍ය මට්ටමක පවත්වාගෙන යෑ හැකි වෙතැයි දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර දුම්රිය රියැදුරු සහායකයන් බදාවා ගැනීමේ පටිපාටිය ක්‍රමවත් සකසන තෙක් තම වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව දුම්රිය රියදුරන්ගේ සහ නියාමකවරුන්ගේ සංගමය පවසයි. අද පෙරවරුවේ විවිධ ස්ථානවල සිට අගනුවරට පැමිණි දුම්රිය කිහිපයක් දුම්රිය ධාවනාගාරවල ගාල් කිරීමෙන් පසු දුම්රිය සේවය මුළු මනින්ම අක්‍රීය වී ඇති තත්වයට පත් වූ බව දෙපාර්තමෙන්තු ප්‍රකාශකයෙක් කීය.

ඒ අතර යළි දුම්රිය සේවය යථාවත් කිරීමට එරෙහිව දුම්රිය ධාවනාගාර තුළ කඩාකප්පල් කාරී ක්‍රියා සිදුවන්නේ ද යන්න පිළිබඳවත් විශේෂ විමර්ශන සිදු කර ඇති අතර ඒවායේ ආරක්ෂාව තර කොට ඇති බවද එම ප්‍රකාශකයා ලක්බිම ඔන්ලයින් වෙත කීය.

එස්.ටී.පී.සිල්වා. – ලක්බිම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here