රන්ජන් රාමණායකට නොතීසි…

1
105
views

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ලබන 25 වැනිදා පෙනීසිට කරුණු දක්වැන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමණායක මහතා වෙත නොතීසි නිකුත් කළා.

බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෘ සහ අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නොතීසි නිකුත් කිරීම සිදු කෙරුණා.

මාලිගාකන්ද සුදන්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා සාමාජිකයෙකු වන ආර්.සුනිල් පෙරේරා විසින් ඉදිරිපත් කළ පෙත්සම් සළකා බැලීමෙන් පසුවයි, අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ. පෙත්සම්කරුවන් කියා සිටින්නේ පසුගිය අගෝස්තු මස 21 වැනි දා ජනමාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් රන්ජන් රාමණායක මහතා බහුතරයක් විනිසුරුවරු සහ නීතීඥවරු දූෂිත පුද්ගලයින් ලෙස හඳුන්වා දී ඇතැයි, චෝදනා කළ බවයි.

මේ තුළින් රන්ජන් රාමණායක නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි, පෙන්වා දෙන පෙත්සම්කරුවෝ මෙම ප්‍රකාශය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරෟණයෙන් ඉල්ලා සිටියා.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here