කුමන හර්තාල් සිදුකලත් එල්ටීටීඊ සැකකරුවන් නිදහස් නොකරයි.

0
23
views

ඩික්සන් වසන්ත

දේශපාලන වාසි අපේක්ෂාවෙන් උතුරේ කුමන හර්තාල් සිදුකලත් බරපතල වැරදි වලට සම්බන්ධ එල්ටීටීඊ සැකකරුවන් නිදහස් නොකරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ බියගම ප්‍රදේශයේ පාසල් දරුවන්ට නොමිලේ ඉගෙනුම් උපකරණ බෙදාදීමේ උත්සව අවස්ථාවකට සහභාගිවෙමිනි. එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීන් පිරිසක් උතුරේ හර්තාලයක් දියත් කරමින් එම ප්‍රදේශවල ජනතාවගේ ජනජීවිත අඩාල කිරීමේ උත්සාහයක නිරත වන බවයි.

බන්ධනාගාර ගත කර සිටින මෙම පිරිස දේශපාලන සිරකරුවන් ලෙස සඳහන් කළද ඔවුන් එවැනි පිරිසක් නොවන බව පැවසූ අමාත්‍යවරයා, යුද සමයේ එම පුද්ගලයන් බරපතල අපරාධ වලට සම්බන්ධ වී ඇති බවට පරීක්ෂණ වලින් කරුණු අනාවරණය වී ඇති බව ද සඳහන් කළේය. එවැනි පිරිස් අධිකරණ ක්‍රියාවලියකින් තොරව නිදහස් කළ නොහැකි බව ද ඇමැතිවරයා පැවසීය.

අධිකරණ ක්‍රියාවලියේ ප්‍රමාදයන් පවතී නම් එය කාර්යක්ෂම කරමින් රටේ පවතින නීතිය යටතේ නීතිය ක්‍රියාත්මක කර දඬුවම් කිරීම හෝ සැකකරුවන් නිදහස් කිරීම කළයුතු බව පෙන්වාදුන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ සැබෑ තත්වය තේරුම් නොගනිමින් උතුරේ සිදුකරන හර්තාල් සහ විරෝධතාවයන් පිටුපස දේශපාලන වාසි අපේක්ෂාවෙන් උතුරේ මහජන නියෝජිතයින් පිරිසක් ක්‍රියාත්මක වන බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here