හක්ගෙඩිය අලියා පිටේ යයි.

0
33
views

ලබන ජනවාරි මාසයේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ දී ජාතික හෙළ උරුමය එක්සත් ජාතික පෙරමුණ යටතේ අලියා ලකුණින් තරග කිරීමට සැලසුම් කර ඇත.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක ඇමැතිවරයා අදාළ කරුණ තහවුරු කර සිටියේය. එක්සත් ජාතික පෙරමුණේ මහරගම ආසන සංවිධායක ධුරය ද පාඨලී චම්පික රණවක ඇමැතිවරයාට හිමි වන බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා සඳහන් කළේ කේවල සහ මිශ‍්‍ර ක‍්‍රමයට පැවැත්වීමට නියමිත මේ මැතිවරණයේ දී කිසිදු පක්ෂයකට අතිබහුතරයක් ලබා ගැනීමට හැකියාව නොලැබෙනු ඇති බවයි. එම නිසා අනිවාර්යයෙන්ම පක්ෂ සමඟ එක්ව බලය පිහිටුවීමට සිදු වනු ඇති බවත්, එම නිසා මේ ක‍්‍රමය දිගට පවත්වාගෙන යාමේ ගැටලූවක් මතු වනු ඇති බවත් ඇමැතිවරයා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයට මේ පළාත් පාලන මැතිවරණයේ දී සාපේක්ෂව යම් ජයග‍්‍රහණයක් ලබා ගැනීමේ හැකියාවක් තිබුණ ද, එය බහුතරයක් නොවනු ඇති බව ද පැවසූ ඇමැතිවරයා, එම නිසා අස්ථාවර තත්ත්වයක් යටතේ බලය පිහිටුවීමට සිදු වන බව ද සඳහන් කළේය. පළාත් සභා මැතිවරණයට මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයට ද මේ ක‍්‍රමය ආදේශ කිරීමේ උත්සාහයක් පැවතුණද, මේ තත්ත්වය යටතේ ඒ ගැන නැවත සිතා බැලිය යුතුව ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කර සිටියේය.

පසුගිය සතියේ සත්හ`ඩ පුවත්පතේ ප‍්‍රධාන ශීර්ෂ පාඨය මඟින් ද අප හෙළි කළේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ රිමෝට් කන්ට්‍රෝලය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා අතේ පවතින බවයි. ඊට හේතුව ලෙස අප දැක්වූයේද ඉහතින් පාඨලී චම්පික ඇමැතිවරයා දක්වන කරුණ ම ය. මේ මැතිවරණ ක‍්‍රමය යටතේ කිසිවකුට අතිබහුතරය ලබා ගැනීමට අසීරු වන තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here