ඉදිරි වසර 5 තුළ ඇ.ඩො. මිලියන 700ක ආධාර

0
44
views

ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති ස්ථායීකරණය, ගොඩබිම් ප්‍රවේශය සහ ප්‍රවාහන යන ක්ෂේත්‍රවල ආයෝජන කටයුතු සිදුකිරීම සඳහා ඉදිරි වසර 5 තුළ මෙරටට ඇ.ඩො මිලියන 700ක පමණ ආධාර ලබාදීමට නියමිත බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.

ලෝක බැංකු සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවට සහභාගී වීම සඳහා අමෙරිකාවේ වොෂින්ටන් නුවරට ගොස් සිටින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා Millennium Challenge Corporation හි යුරෝපීය, ආසියා ශාන්තකර හා ලතින් අමෙරිකානු රටවල් සඳහා වන උප සභාපතිනී ෆාතිමා සුමර් මහත්මිය හමුවූ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට ලබාදෙන ණය පිළිබඳ ප්‍රගතිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

-අද-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here