බැඳුම්කර කොමිසමට යාමට ඕනෑම අවස්ථාවක සුදානම්- අගමැති

0
80
views

බැඳුම්කර කොමිසම හමුවේ ඕනෑම අවස්ථාවක කරුණු පැහැදිලි කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සූදානම් බව අගමැතිවරයා ප්‍රකාශකර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම ජනාධිපති කොමිසම ඉදිරියේ කරුණු විමසන අවස්ථාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නම සඳහන් වී ඇති බවයි.

රජයට හෝ රජයේ නිලධාරීන්ට චෝදනා එල්ල වන අවස්ථාවන්හිදී ඒ පිළිබදව පරීක්ෂණ පැවැත්වීමට මෙන්ම සොයා බැලීමට රජය හැමවිටම ක්‍රියා කර ඇති බවත්, ඉදිරියටත් එම පිළිවෙතම අනුගමනය කරන බවටත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කල ලිපියේ සඳහන්.

ජනවාරි 08 වන දා මෙරට ජනතාව බහුතර ජනවරම ලබාදුන්නේ යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය යළි තහවුරු කිරීමට බැවින් එය අප සැමගේ යුතුකමක් සහ වගකීමක් බවද සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here