‘ස‍ූර්ය බල සංග්‍රාමය’ අතිශය සාර්ථක ලෙස ඉදිරියට

0
27
views

පුනරින් හා සියඹලාණ්ඩුව යන ප්‍රදේශයන්හි සුළං හා සූර්ය යන ප්‍රභවයන් දෙකට මුහු වූ හයිබ්‍රිඩ් තාක්ෂණයක් අනුව විදුලි බල නිෂ්පාදනයට රජය ක්‍රියාකරගෙන යන බවත් ඉදිරි වසර පහ ඇතුළත සුළං හා සූර්ය බලයෙන් නිෂ්පාදනය වන විදුලිය මෙගාවොට් දහසක් මෙරට ජාතික විදුලිබල පද්ධතියට එක් කරනු ලබන බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙ‍රේරා මහතා පැවසීය.

පුනර්ජනනීය බලශක්ති කෙරෙහි අවධානය යොමු කරමින් සූර්ය බලශක්තිය හා සුළං මත බල ගැන්වී ජනනය වන විදුලිය මෙරට ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇතැයි ද අජිත් පී. පෙරේරා මහතා පවසයි.එවැනි පුනර්ජනනීය බලශක්තීන් ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කර ගැනීමේදී නියමිත ටෙන්ඩර් පටිපාටීන් අකුරටම ක්‍රියාත්මක කර සුදුසු සමාගම් සඳහා අවස්ථාව ලබාදෙන බව ද විදුලි බල ක්ෂේත්‍රය හා සම්බන්ධ දූෂණ අක්‍රමිකතාවලට වැට බැඳීමේ ප්‍රතිඵල ලෙස පෞද්ගලික අංශයේ විදුලිය ජාතික විදුලිබල පද්ධතියට එක් කරගැනීමේදී ගෙවන මිල සැලකිය යුතු ප්‍රතිශතයන්ගෙන් අඩු කර ගැනීමට හැකිවී ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

මීට පෙර විදුලි ඒකකයට රුපියල් විසි පහකටත් වඩා ගෙවූ බව ද එහෙත් මේ වනවිට රුපියල් දහ හත සහ රුපියල් දහ තුන ආදී මිල ගණන් වලටත් පෞද්ගලික අංශයේ විදුලිය මිලදී ගැනීමට හැකි වී ඇති බව ද පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා, තම රජයේ අරමුණ පෞද්ගලික අංශයේ විදුලිය මිලදී ගැනීමේදී ඒකකයක් සඳහා ගෙවන මිල හැකිතාක් දුරට අඩු කර එහි වාසිය පාරිභෝගික ජනතාවට හිමිකර දීම බව ද සඳහන් කළේ ය.වත්මන් රජය මඟින් ඉතාම නිර්මාණශීලී ව්‍යාපෘතියක් ලෙස බල ගැන්වූ ‘ස‍ූර්ය බල සංග්‍රාමය’ අතිශය සාර්ථක ලෙස ඉදිරියට ඇදෙන බව ද තම අරමුණ මෙරට නිවාස ‘මිලියනයකට’ පමණ සූර්යබල විදුලිය ලබාගැනීම දිරි ගැන්වීම බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේ ය.

සිළුමිණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here