“කණට ගැහුවට, වෙඩි තිබ්බේ නෑනේ..”

0
30
views

‘උද්ඝෝෂණ කිරීම සහ පෙළපාලි යාම විපක්ෂ ගතියයි. වන අතර ඒවාට පහර දීම සහ අත්අඩංගුවට ගැනීම ආණ්ඩු ගතියයි’. විශ්වයේ අවසානය කවදාද, ඒ තාක් කාලයක් මුළු මහත් විශ්වය පුරා ම මේ ධර්මතාවය නොනැසී පවතිනවා.

ඬේවිඞ්ලාගේ ආණ්ඩු ඇති දා දාවිද්ලා උද්ඝෝෂණය කරනවා. ඬේවිඞ්ලා දාවිද්ලාට කදුළු ගෑස් ගහනවා.. බැටන් එකෙන් ගහනවා. එළව එළවා තඩිබානවා. අල්ලාගෙන ඇවිත් එල්ලලා ගහනවා. බැරිම තැන ප‍‍්‍රජාතාන්ත‍‍්‍රවාදය දෝර ගලන තත්ත්වයක් ආවොත්, එක උද්ඝෝෂකයෙක් වෙනුවෙන් ඩොලර් දහයක් දොළහක් වියදම් කරන්න වුණත් ඬේවිඞ්ලා පසුබට වෙන්නේ නෑ. දාවිද්ලාගේ කියුම් කෙරුම්වල ප‍‍්‍රතිඵලයක් හැටියට ඬේවිඞ්ලාගෙන් ආණ්ඩු බලය ගිලිගිලා දාවිද්ලාගේ අතට එනවා. ඉනික්බිති, දාවිද්ලාට එරෙහිව ඬේවිඞ්ලා අරකම පටන් ගන්නවා. මෙච්චර කාලයක් කතා කියපු, අ`ඩපු දොඩපු, ජාත්‍යන්තරයට පෙත්සම් ගහපු දාවිද්ලා, ඬේවිඞ්ලාගේ ඔළු කුඩුවෙන්නට, කො`දු කැඩෙන්නට, දණිස් පොල්කටු හමයන්නට සලකනවා. ඬේවිඞ්ලා වගේම දාවිද්ලාත් ඒකට කියන්නේ, නීතිය හා සාමය ආරක්ෂා කිරීම කියලා. අනෙකා කරනකොට අන්ත පාපකාරී, අසීලාචාර, නිර්ලජ්ජිත වුණු මේ හැසිරීම තමන් කරනකොට පට්ට සාදාරණයි. තාර්කිකයි. ශිලාචාරයි. (නිකමට වගේ මේ නම් දෙක ඉංග‍්‍රීසියෙන් ලියලා බලන්නකෝ. එතකොට තේරෙනවා මේ දෙගොල්ලෝ කොපමණ වෙනස්ද කියලා.)

විටෙක ඬේවිඞ්ලා ද විටෙක දාවිද්ලා ද කරන්නේ මේ නාටකයේ දෙපැත්ත මාරුවෙන් මාරුවට ර`ගපාන එකයි. ඒ නාටකේ සදාකාලික සෙසු චරිත තමයි අපි. ඒ කියන්නේ ඔයාලා අපි. අපිත් මේ නාටක වල එක එක සීන් වල ඉන්නවා. එයාලා අපිට ටොපික්ස් දෙනවා. එයාලා අපිට පැත්ත දෙනවා. එයාලා අපිට ෆෝම් කරනවා. අපිට ආදරේ නිසාලූ. ඒත් අන්තිමේට එයාලා ගිහිං ඒවාට අත උස්සනවා. ඒත් අපිට ආදරේ නිසා. මේ තත්ත්වය සර්වගෝලීය වුණත්, කලාපීය වශයෙන් ඒකේ සාන්ද්‍රණය අඩු වැඩි වෙනවා. දැන් ඔය ලංකාව තරම් දියුණු නැති, තුන්තිස් පැයම ජනතාව ගැන හිතහිතා ඉන්න දේශපාලන නායකයෝ නැති රටවල් වල මේ වගේ තත්ත්වයන් ටිකක් වෙනස්. (ඒ රටවල් වල තියෙන්නේ පියවුරු පිළිකා වලකමු, කෑමට පෙර අත සෝදමු, නින්දට පෙර දත් මදිමු වගේ සිගිති ටොපික්ක් මූලික කරගත්ත පෙළපාලි. අපිට වගේ ‘අපි විතරක් ඉගෙන ගත්තාම මදිද’, ‘පොල් වතුවල ගොටුකොළ වැවීම නවතනු’ වගේ සීරියස් ටොපික්ස් එයාලට නෑ. ඒක වෙනම කතාවක්.)

දැන් අපිට මතකයි ඒ දවස් වල., ඔව් ඒ දවස් වල විපක්ෂේ හිටපු අය සුමානෙකට හමාරකට සැරයක් මොකක් හරි එකක් කළානේ. පාරට බැහැලා වාහන වල හෝන් ගැහුවා. තව දවසක් ලයිට් ගැහුවා. ඊට පස්සේ හතරමං හන්දිවල පොල් ගැහුවා. පාර මැද්දේ මිරිස් ඇඹරුවා. කොළඹ වහලා පෙළපාලි ගියා. නිරීක්ෂණ චාරිකා ගියා. සාමකාමී සත්‍යග‍‍්‍රහ කළා. මාරාන්තික උපවාස කළා. උද්ඝෝෂණ, පෙළපාලි, පිකටින්, වර්ජන ආදියට වගේම මේ හැම එකකටම ඒ කාලේ හිටපු ආණ්ඩුව බකට් එක දැම්මා. එක්කෝ ගැහුවා. නැත්තං ඒ උද්ඝෝෂකයින්ට වෙඩි වැදුණා (තිබ්බා නෙවෙයි වැදුණා හරිද)., නැත්තං උසාවි නියෝග., බ්ලාබ්ලාබ්ලා කෝටියක් කේස්. ඒ හැම වෙලාවකම වෙයිස් කට් දුන්නු අය කියපු දෙයක් තමයි ‘අපි ආවම මෙහෙම නෑ’. ‘මේකද ඩෝ ප‍‍්‍රජාතාන්ත‍‍්‍රවාදය’, ‘අපි කියනවා බැන්කිමූන්ට’ ආදී වශයෙන්. ඒ හැම වෙලාවකම ඒ ආණ්ඩුව කීවේ, මහජන සාමය කඩලා කුමන්ත‍‍්‍රණය කරලා කඩාකප්පල් කරලා දසරාජ ධර්මයට බාධා කරන නිසා අවම බලය පාවිච්චි කරනවා කියලා. ඊට පස්සේ අර විපක්ෂේ හිටපු කට්ටිය ආණ්ඩුව ගත්තා. සේම් සිනාරියෝ. මාරු වුණේ වොයිස්කට් දෙන කට්ටිය විතරයි. (සමහරවිට ඒත් නෑ.)

හෙට වුණත් බලය ගන්න පුළුවන් අය වගේම ආලෝක වර්ෂ මිලියන සීයකින්වත් බලය ගන්න බැරි කවුරු වුණත් කියන්නේ, ‘නෑ නෑ නෑ අපිනම් ඔහොම නෑ. අපි පට්ට ප‍‍්‍රජාතාන්ත‍‍්‍රවාදීයි’ කියලා තමයි. හැබැයි ඔය කවුරුත්, ආලෝක වර්ෂ ටි‍‍්‍රලියනයකින් හරි බලය ගත්තොත් එදාට අපිට බලාගන්න පුළුවන්. අදට වඩා සැර ඉරක් මිසක., එදාට පායන්නේ මුදු සුමුදු ඉරක් නොවන බව දැනේවි. එයාලා හැසිරෙන්නේත් ඬේවිඞ්ලාට හා දාවිද්ලාට සර්වසම හැසිරීමක මිස වෙනත් ආකාරයකට නොවන බව අපිට වැටහෙයි. ඒක, අපේ වගේ රටවල් වල බලය පිළිබ`ද අනන්‍යතාවක්.

අපි හැම තත්පරේකම ජීවත් වෙන්නේ ආගමත් එක්ක. ඒ වුණාට මදේ පුස්. දේශපාලනේත් එහෙම.යි හැම තැනම දේශපාලනය. දේශපාලනඥයෝ. පක්ෂ. ලාංඡුන. ප‍‍්‍රතිපත්ති. කොඩි. බැනර්. කටවුට්. හැබැයි නොකරනම දේ තමයි ‘දේශපාලනය’. බලය දීලා යැව්වාට ඒ වැඬේ කරන්න හයියක් නෑ. තනියෙන් කරන්න බෑ. කරොත් වැඩක් නානවා. ඒ නිසාම, ජනතාවට සිද්ධ වෙනවා හැම මේ හැම එකටම මැදිහත් වෙන්න. (එහෙම තමයි පේන්නේ). ඒත් ඇත්තටම වෙන්නේ, තමන්ගේ වැඩ ටික කරගන්න දේශපාලනඥයෝ විසින් ජනතාව පාවිච්චි කරනවා. කඬේ යවනවා. ඒත්, අන්තිමේට සිද්ධ වෙන්නේ ඒක නෙවෙයි. අපේ වැඩ ටික කරවාගන්න අපි විසින් පත්කරලා යවපු කට්ටිය., එයාලගේ වැඩ කරගන්න අපිව පාවිච්චි කරනවා. මාංචු දාලා ඉහළට අත් උස්සලා පත්තරේ ෆොටෝ එකකටත් පෙනී ඉ`දලා රිමාන්ඞ් වෙන අය., නහයෙන් හුළං යනවා, කටෙන් සද්දේ එනවා, නින්ද ගිහාම ඇස් පියවෙනවා වගේ දරුණු හේතු දාලා හැරෙන තැපෑලෙන් ඉස්පිරිතාලේ. රැුස් බැස්සාම ආයේ ගෙදර. එතකොට පස්සෙන් ගිය හුදී ජනයා. ඔව්. පොලිස් පොතේ නම ලියලා. හදිස්සියකට පොලිස් සහතිකයක් ගන්න බෑ. ගුටි කාලා, වෙඩි කාලා ජීවිතේ තියනකල් වි`දවනවා. එහෙම නැත්තං කෙටි කාලීනව වීරයෙක් වෙලා මිහිදන් වෙලා. අම්මා තාත්තා ක`දුළු බොනවා. ගෑණු කණවැන්දුම් වෙලා. ළමයි අසරණ වෙලා. ඒත්, වාසනාව තියන පින්වතුන් ඒ මිනිය විකුණාගෙන ගොඩ යනවා.

මං අහගෙන ගිය සුමානේ ඇමතිකෙනෙක් කියනවා, ‘අපි ගැහුවට වෙඩි තිබ්බේ නෑනේ’ කියලා. මුළින්ම මට හිතුනේ පැරඩියක් කියලා. එයා ඒක නිතර නිතර කියනකොට තමයි තේරුනේ ඒ එයාගේ සීරියස් අදහසමයි කියලා. මට තාම හරියටම හිතාගන්න අමාරුයි අ`ඩනවද හිනාවෙනවද කියලා. මුළු ලෝකෙම ඇබොලිෂ් වුණත්, අපේ වගේ රටවල තියන මේ සිස්සටම් එක ඇබොලිෂ් වෙන්නේ නෑ. ඒක තමයි ඇත්ත.
ඒත් කමක් නෑ. අපි ට‍්‍රයි කරමු.

✒ Bharatha Prabhashana Thennakoon – [Mawbima Young -යං #පතරංග_ජාතකය by Bharatha]

භාරත ප්‍රභාෂනගේ මුහුණු පොතෙන් උපුටා ගන්න ලදී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here