කිරි ගොවීන්ට නියමිත වේලාවට මුදල් නොගෙවන නිලධාරීන්ට විරුද්‍ධව ක්‍රියා කරනවා. – ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍ය පී.හැරිසන්

0
16
views

කිරි ගොවීන්ට නියමිත වේලාවට මුදල් නොගෙවන නිලධාරීන්ටතරාතිරම නොබලා ක්‍රියා කරන බවග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කලේ මරදන්කඩවල කිරි ගොවියන් 300 ක ගේ පමණ සහභාගිත්වයෙන් පැවති කිරි ගොවීන් දැනුවත් කිරීමේ වැඩ සටහනකදීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත‍්‍යවරයා , අපි තවම නිෂ්පාදනය කරන්නේ අපේ කිරි අවශ්‍යතාවයෙන් 12% ක් පමණයි . ඒ ප්‍රමාණයෙන් 85% ක් සපුරාලන්නේ දිනකට කිරි ලීටර 1- 3 ත් අතර ගන්න සුළු පරිමාණ කිරි ගොවියන්ගෙන්. ඒ නිසා ඔවුන් නගා සිටුවීම තුලින් කිරි නිෂ්පාදනය වැඩි කර ගැනීමටත්ඔවුන්ට සැදෑ සමයේ රැකවරණය සලසා දීම සදහා විශ්‍රාම වැටුපක් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බවත් පැවසීය.
එමෙන්ම නොයෙකුත් කටයුතු සදහා අත්පත් කරගෙන ඇති තෘණ භුමි නිදහස් කර ගෙන සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවද පැවසීය.
සුලු පරිමාණ කිරි ගොවියන් සදහා මේ වසර ඇතුලත කිරි දෙනුන් ඉන්දියාවෙන් හා පාකිස්ථානයෙන් ගෙන්වලා ගොවීන් අතර බෙදල දෙන්න සැලසුම් කරල තියෙනව. වියලි කාලගුණයක් පවතින ප්‍රදේශ වලට ගැලපෙන කිරි ගවයින් පකිස්ථානයෙන් ලබා ගන්න පකිස්තාන ආණ්ඩුවත් සමග අපි සාකච්ඡා කරල තියෙනවා. ඒ අනුව එළ හරක් 8000 ක් හා මී හරක් 2000 ක් ලබා ගන්න හැකිවේයැයි බලාපොරොත්තු වෙනවායයිද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
මෙහිදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න හා අමාත්‍යවරයා දුන් පිළිතුරු මෙසේය
උතුරේ දෙමළ සිරකරුවන් නිදහස් කරන්න කියලා පසුගිය දිනවල පැවති හර්තාල් නිසා යුද්ධ අපරාධවලින් ශ්‍රී ලංකාව නිදහස් විය යුතුද නැද්ද යන්න කියන මතය ජනතාවට යනවා නේද ?

මිනිස්සුන්ට හර්තාල් කරන්න අයිතියක් තියෙනව. උද්ඝෝෂණය කරන්න නිදහස තියෙනව. ඒක තමයි යහ පාලන ආණ්ඩුවේ තත්ත්වය. උද්ඝෝෂණ කළා කියල වැරදි කරල තියෙනවනම් ඔවුන්ට නීතියෙන් කටයුතු කරනව. නීත්‍යානුකුලව අධිකරණ ක්‍රියාමාර්ගයෙන් තමයි තීන්දුවක් ගන්න තියෙන්නේ. ඒක දේශපාලනයට අයිති දෙයක් නෙවෙයි. සාමාන්‍ය සිවිල් පුරවැසියන් අපරාධවලට සම්බන්ධ නොවු අය පසුගිය කාලෙ පුනරුත්ථාපනය කරල වරින් වර නිදහස් කළා. දැන් ඉන්නේ හුගක් අය බරපතල වැරදි වලට සම්බන්ධ අය.

රජය යහපාලන ප්‍රතිපත්ති යටතේ මානව හිමිකම් වලින් රට ගලව ගන්න එක උතුරු නැගෙනහිර මේ ප්‍රශ්නයත් එක්ක උග්‍ර වෙයිද?
නැහැ. දැන් උතුරු නැගෙනහිර භිෂණකාරී තත්තවයක් නැහැ. ඕනම කෙනෙකුට යන්න එන්න පුලුවන්. මාධ්‍ය නිදහස් දීල තියෙනවා. ඒ නිසා මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් නැහැ. පසුගිය කාලෙ වෙච්ච දේවල් නිසා තමයි ඔය ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ .

යුද්ධයෙන් පරාජය කළ සතුරා යලි ව්‍යවස්ථාව නිසා නැගී සිටිනව කියල විමල් වීරවංශ මහතා කියනව නේද?ඒක එතුමගේ අදහසක්.
නව ව්‍යවස්ථාවෙන් රට බෙදන බවත් ඒ වගේම මේ ව්‍යවස්ථාව හදන්නේ එක්සත්ජාතීන්ගේ සංවිධානයේ වැටුප් ගන්න අය බවත් කියනව නේද ?
විමල් වීරවංශලාට ඕන මේ රට වවා ගෙන කන්න. ඒකීය රටක් හැටියට දෙමළ සංවිධාන දෙමළ පක්ෂ ඔක්කොම එකග වෙලා තියෙනවා ඒකීය රටක් යටතේ බලය බෙදා ගෙන ජීවත් වෙන්න. අපි ඒ තැනට යා යුතයි. අන්තවාදී විදිහට පක්ෂ අනුව පාට අනුව වෙන් වෙලා රටක් ගෙන යන්න බැහැ. සියළුදෙනාගේම අදහස් අරන් තමයි ව්‍යවස්ථාව සකස් කරන්නේ .ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනව මේක පෙඩරල් ව්‍යවස්ථාවක් කියල තවම දැකල නැති ව්‍යවස්ථාවක් කොහොමද කියන්නේ ෆෙඩරල්ද ඒකීයද බහුවාර්ගිකද කියල . මහජන මතය උරගා බලල අවස්ථාවක් දීල තමයි තීන්දුවක් ගන්නේ.

ඒකාබද්ධ විපක්ෂය කියනව වෙනම පක්ෂයකින් තරග කරනව කියල බැසිල් රාජපක්ෂ මහත්තයා කියනව ආසන 200ක් ගන්නව කියල.
මහින්ද රාජපක්ෂ මහත්තයට බලය තියා ගෙන ආණ්ඩුව තියා ගන්න බැරිවුනා. ජනාධිපතිවරණය දිනා ගන්නත් බැරි වුණා. ඒ නිසා අපි මහින්ද මහත්තයාගේ ගෝල බාලයන්ටත් කියන්නේ ඒ ගොල්ලෝ දකින දවල් හීන සැබෑ වෙන්නේ නැහැ. මේ මැතිවරණයෙන් එක්සත්ජාතික පක්ෂය රටේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගන්නවා.

දැන් නාමල් රාජපක්ෂ මහත්තයට ඇප දුන්න එකත් වැරදි විදිහට සමහර උදවිය දකින්නේ .ඒක තීරණය කරන්නේ අධිකරණය . නාමල්ලා දැගලුවේ දේශපාලන වාසි ගන්න දැන් ඔය කියන විදිහට මාතෘ භූමිය රැක ගන්න ඒ උදවිය උද්ඝෝෂණය කළා නම් ගෙඩිය පිටින් හෝටල් ගහන්න රට විකුණන කොට ඔය දේශප්‍රේමීන් කොහේද හිටියේ කියලා මම අහනවා . පෝර්ට් සිටිය වුනත් බේරා ගත්තේ යහපාලන ආණ්ඩුව කියන එක මම ඔය දේශ ප්‍රේමීන්ට මතක් කරනවා.

මෙම අවස්ථාවට මිල්කෝ ආයතනයෙහි සභාපති කිර්ති මිහිරිපැන්න හා ජාතික පශු සම්පත් මණ්ඩලයේ උප සභාපති ජේ.සෝමචන්ද්‍ර ජයකොඩි යන මහත්වරුන්ද සහභාගි වුහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here