ශ්‍රීලනිප සංවිධායකවරුන්ට ජනපතිගෙන් කැඳවීමක්.

0
89
views

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ජයග්‍රහණය කරවීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග තීරණය කිරීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව එම පක්‍ෂයේ මහ ලේකම් ඇමැති දුමින්ද දිසානායක මහතා ‘දිවයින’ ට පැවසීය.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ අසුන්ගෙන සිටින සියලුම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරුන්ට ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා පැමිණෙන ලෙස දන්වා ලිපි යවන බව ද හෙතෙම පැවසීය.

පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නාමයෝජනා සකස්‌ කිරීම මේ වන විට සියයට 95 ක්‌ පමණ අවසන් කර ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජයග්‍රහණය සඳහා කටයුතු කිරීම ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට, පළාත් සභාවට තේරී පත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ වගකීමක්‌ බව ද ලේකම්වරයා අවධාරණය කළේය.

ප්‍රියදර්ශන ලියනගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here