දකුණේ ප්‍රදේශ රැසකට එකවර පිපුරුම් හඬක් ඇසේ – විශාල එළියක් සමග යම් දෙයක් මුහුදට (Video)

0
255
views

ගාල්ල, මාතර අකුරැස්ස ඇතුළු දකුණේ ප්‍රදේශ රැසකට එකවර විශාල පිපුරුම් හඬක් ඇසුණු බවත්, වෙරළ ප්‍රදේශ වල ජීවත් වන ජනතාව ප්‍රකාශ කර තිබු ආකාරයට විශාල එළියක් සමග යම් දෙයක් ඈත මුහුදට පතිත වු බවත් වාර්තා වේ .

මෙය පස්වරු 8.35 ත් 9.00 ත් අතර කාලයේ ඇති වු තොරතුරු වාර්තා වන අතර එය උල්කාපාතයක්ද එසේත් නැතිනම් වෙනත් හදුනා නොගත් ආකාශ වස්තුවක්ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත .

මෙම සිදුවීම පිළිබඳව අන්තර්ජාලය හරහා දැනටමත් කටකතා රැසක් පැතිරමින් ඇති අතර, බොහෝ දෙනෙක් හාස්‍ය මුසු නිර්මාණ මේ අලලා අන්තර්ජාලයට එක් කරමින් පවතී.හෙට දින වන විට මේ සම්බන්දයෙන් බොහෝ නිවැරදි තොරතුරු අනාවරණය වනු ඇත.

ආචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කර සිටි ආකාරයට බොහෝ දුරට මෙය උල්කාෂ්මයක් විය හැක.

සිදුවීමට අදාල සිරස පුවත් විකාශය පහතින්

පිපිරුම් හඬක් සමග දකුණු මුහුදට කඩා වැටුණු බව කියන වස්තුව උල්කා…

පිපිරුම් හඬක් සමග දකුණු මුහුදට කඩා වැටුණු බව කියන වස්තුව උල්කාෂ්මයක් විය හැකියි… #lka #News1st

Posted by Newsfirst.lk on Wednesday, October 18, 2017

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here