බන්දුල ගුණවර්ධනගෙන් අගමැතිට අභියෝගයක්.

0
16
views

රාජපක්ෂ යුගයේ රටේ මහ ණය කන්දක් ගොඩ නැගී තිබෙන බවට චෝදනා කරමින් රට වටේ ජනතාවට බොරු කියන රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට තමන් ඉදිරිපත් කරන ප්‍රශ්න තුනකට පුළුවන් නම් උත්තර දෙන්නැයි හිටපු මුදල් අමාත්‍යවරයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (17) අභියෝග කළේය.
කොළඹදී ඊයේ (17) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම අභියෝගය එල්ල කළේය. ඔහු අගමැතිවරයා ගෙන් ප්‍රසිද්ධියේ පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න තුන මෙසේය.

1. පසුගිය අය – වැය යෝජනාවේදී සමස්ත රාජ්‍ය වියදම් ඇස්තමේන්තුවට අනුව රජය එම ඇස්තමේන්තුවෙන් 1/5ක් (20) ක් වියදම් කර නැති බව පිළිගත්තද?

2. එම අය – වැයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කර ඇති මුළු මුදලෙන් 32ක් පමණක් වියදම් කර ඇති බව පිළිගන්නේද? ඉතිරි මුදල් වියදම් නොකොළේ ඇයි දැයි හෙළි කළ හැකිද ?

3. මෙම රජය පිහිටුවා ගන්නවිට මේ රජයේ ණය ප්‍රමාණය තුළ දේශීය නිෂ්පාදනයට ඇතුළු 71.3ක් බවද 2016 වන විට එම ප්‍රමාණය 83.3 දක්වා ඉහළ ගොස් ඇති බවට විගණකාධිපතිවරයාගේ වාර්තා පෙන්වා දෙන්නේ සතුන් නොව්යැයි ඔබට කියන්න පුළුවන්ද?

මෙම ප්‍රශ්න තුන ඉදිරිපත් කරමින් මෙහිදී මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ අගමැතිවරයා ප්‍රමුඛ රජයේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා රට දිනෙන් දින අගාධයකට ඇඳවැටෙමින් තිබෙන නිසා එහි වගකීම ඉකුත් රජය පිට පැටවීමට අගමැති උත්සහා කරන බවය.
“අපේ රටේ නරකම ආර්ථිකයක් තිබුණේ 2001- 2004 වර්ෂවලදී රටේ ණය ගණනය කරන්නේ නොගෙවූ ණය ප්‍රමාණය තුළ දේශීය ආදායමෙන් බෙදා සියයෙන් වැඩි කළ විට ලැබෙන උත්තරය අනුවයි. 2001- 2004 වර්ෂවලදී මේ ප්‍රමාණය 102- 104 දක්වා ඉහළ ගොස් තිබුණා. මහින්ද රාජපක්ෂ මහතාගේ රජය ආර්ථිකය මැනවින් කළමනාකරණය කළ නිසා 2014 වනවිට එම ප්‍රමාණය 71.3ක් කර ගත්තා. නමුත් මේ අය 2015 රට බාරගත් පසු දිගට හරහට ණය ගැනීම නිසා 2016 වන විට එම ප්‍රමාණය 83.3 දක්වා ඉහළ ගොස් තිබෙන බවද ගුණවර්ධන මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
වත්මන් රජය බලයට පත් වූදා සිටම මේ දක්වා රටේ ආර්ථිකය ගැන ඉලක්කම් තරගයක යෙදී සිටින බවද ඔවුන් කරන දෙයින් අමාරුවේ වැටෙන්නේ රටේ ජනතාව බවද පෙන්වා දෙන ගුණවර්ධන මහතා මහින්ද රාජපක්ෂ රජය රට ණය කාරයකු කළා යැයි අගමැති කියන්නේ බැඳුම්කරයෙන් රටට අහිමි වූ විශාල මුදල ගැන කතා නොකර බවද පෙන්වා දුන්නේය.

ජයසුරිය උඩුකුඹුර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here