තාරකා දෙකක්‌ ගැටී විශ්වය හෙල්ලෙයි

0
30
views

පෘථිවියට ආලෝක වර්ෂ 130 ක්‌ ඈතින් ඇති තාරකා දෙකක්‌ අධි වේගයෙන් ගැටීම නිසා විශ්වය සෙලවීමකට ලක්‌වී ඇත. ඇමෙරිකානු නාසා ආයතනය දක්‌වන්නේ මෙම තාරකා දෙකේ විෂ්කම්භය සැතපුම් 12 ක්‌ බවයි. තාරකා දෙක එකිනෙක ගැටීම නිසා විශ්වය පුරා ගුරුත්වාකර්ෂණ තරංග පහත වැටී ඇත. මේ ගැටීම සටහන් වී ඇත්තේ ඇමෙරිකාවේ ඇති ලිගෝ නම් වූ අධිබල දුරේක්‌ෂක ආයතනයේය.

මෙකී ඝට්‌ටනය නිසා ගැමා කිරණ නිකුත් වී ඇති අතර එය නාසා ආයතනයේ පර්ට්‌ අජටාකාශ දුරේක්‌ෂයේ සටහන් කර ඇත.මෙම තාරකා දෙකේ ගැටුමෙන් විශ්වයට ඇති බලපෑම විමර්ශනය කරන බව නාසා ආයතනය කියා සිටියි. නාසා ආරංචි මාර්ග තවදුරටත් දක්‌වා ඇත්තේ තාරකා දෙකේ ගැටීමේ ක්‍රියාවෙන් විශ්වයට ඉදිරියේ දැඩි බලපෑමක්‌ ඇතිවිය හැකි බවයි.

කීර්ති වර්ණකුලසූරිය – දිවයින

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here