නියර බඳින යන්ත්‍රය සාදා ලොවක් දිනු වැව් බැඳී රාජ්‍යයේ කොලු ගැටයාගෙන් තවත් අපුරු නව නිර්මාණයක්.

0
440
views

නව ඔහු  යොවුන් වියට පා තබා සිටින නාමල් උදාර පියසිරි නම් ඔහු  උපන්නේ 1996 මාර්තු මස හය වනදායි. තඹුත්තේගම මධ්‍යම  මහා විද්‍යාලයේ ඉගෙනුම් ලැබූ  ඔහුගේ උපන් ගම පුරාතන ගමක් උවත් දැන් එය මහවැලි ජනපදයකි. දෙමාපියන් දිළිඳු ගොවියෝය. තඹුත්තේගම අසල මල්වානේ ගමින් හැරී කිලෝමීටර දෙකක් පමණ ගම්පැත්තට ගිය විට හමුවන්නේ ඔහුගේ උපන්ගම  හෙවත් සෝලමයි. අංක 77, සෝලම, තඹුත්තේගම ඔහුගේ ලිපිනයයි. T.P. 0714180396.

කුඩා කල සිටම විවිධ දේවල් අත්හදා බලමින් නව නිර්මාණ කිරීමට ඔහු උපන් හපන් දස්කම් ඇති තැනැත්තෙකි. මිට අවුරුදු තුනකට පමණ පෙර ඔහුගේ නව නිර්මාණ සංකල්පනාවට අනුව කුඹුරේ සියලුම වැඩ එකම යන්ත්‍රයකින් එකවර කර ගත හැකි දැවැන්ත යන්ත්‍රයක් නිර්මාණය කරනු ලැබිය. මේ යන්ත්‍රය මගින් නියර රැහිම, නියර බැඳීම, නියර තද කිරීම, රොටරි කිරීම, පෝරුගෑම, ඩිස්කිරීම, සී සෑම යන කරුණු එකවර ඉටුකරගත හැකිය.

2014 දී ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් හි රටවල් 76ක දායකත්වයෙන් පැවැත්වූ නව නිර්මාණ තරගයට මෙම යන්ත්‍රය ඉදිරිපත් කිරීමෙන් පසුව කර්මාන්ත අංශයෙන් ප්‍රථමස්ථාන දෙකක් හා සමස්ත තරගාවලියේ දෙවන  දෙවන ස්ථානය හිමි කරගත්තේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් නාමල් උදාර නමින් නාසා ආයතනය තරුවක් පවා නම් කිරීමටද තීරණය කරන ලදී.

මිට අමතර ඉඩම් ගොඩකිරීමේ අමාත්‍යංශයේ රොෂාන් ගුණවර්ධන මහතාගේ මග පෙන්වීම යටතේ, ඔහුට තවත් අපුරු නව නිර්මාණයක් කිරීමට හැකියාවක් ලැබී ඇත. ඒ වැවු සහ විශාල ජලාශ වල පාවෙමින් පවතින ජපන් ජබර වැනි දෑ ඉවත්කිරීමට නව යන්ත්‍රයක් නිර්මාණය කිරීමටයි. මේ වනවිටත් එම යන්ත්‍රයෙහි බොහෝ වැඩකටයුතු ඉවර බවත් තව නොබෝ දිනකින් එම යන්ත්‍රය මගින් රටට වැඩක් ගතහැකි බව ඔහු අපත් සමග පවසා සිටියා.

කාන්තාවන් අකමැතිවිමෙන් බෙල්ලේ වැල දාගන්නා මෝඩ මිනිස්සු ඉන්න සමාජයක මෙවැනි මිනිස් සම්පත් රටට සම්පතක් මෙන්ම අප ඔවුන් දිරිගැන්විය යුතුය.

ගොඩනැගෙමින් පවතින නව යන්ත්‍රය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here