සයිටම් පිළිබඳව රජයේ ස්ථාවරය ලබන සඳුදා(23)

0
16
views

සයිටම් වෛද්‍ය ආයතනය මූලික කරගත් ගැටලු පිළිබඳ රජයේ ස්ථාවරය, ජනාධිපතිවරයා ලබන සඳුදා (23) දින ප්‍රකාශයට පත්කරනු ඇති බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) සඳහන් කළේය.
සයිටම් ආයතනය නොවසා වෙනත් ඕනෑම ආකාරයක විසඳුමකට රජය සූදානම් බවත් කිරිඇල්ල මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.
සයිටම් ප්‍රශ්නය මුල්කරගනිමින් එම ගැටලුව විසඳාලීමට ගන්නා පියවර කුමක්දැයි ස්ථාවර නියෝග යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විමසූ පැනයකට පිළිතුරු දෙමින් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළේය.
සයිටම් සිසුන්ට අසාධාරණයක් නොවන ලෙස මෙම ප්‍රශ්නය විසඳිමට රජය බලා‍පොරොත්තු වන බවද අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.
අදාළ පාර්ශ්ව සමග පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස පහත දැක්වෙන විසඳුම් හය රජය යෝජනා කර ඇති අතර ඒවා ක්‍රියාත්මක කිරීමටද පියවර ගෙන තිබේ.
සයිටම් ආයතනයට සිසුන් ඇතුළත් කර ගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නැවැත්වීම. මෙය දැනටමත් ක්‍රියාත්මක කර ඇත.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් ප්‍රකාශයට පත් කර ඇති අවම ප්‍රමිතීන් පිළිබඳව නිර්ණායකයන් අදාළ පාර්ශ්වකරුවන් සමග ඇති වූ එකඟතාවයන් මත නෛතික නියෝගයන් ලෙස රජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කිරීම. මෙම කාර්යයේ බොහෝ කටයුතු අවසන් වී ඇත.

පැතුම් වික්‍රමරත්න/ ප්‍රසාදිකා ජයවර්ධන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here