ඔබේ චන්දෙන් පත් වුන ඔබේ ගමේ ජනනයකයාගේ කෙරුවාව හරියට දැනගන්න .නමත් එක්කම විස්තරේ මෙන්න

0
601
views

තාත්ත නිල් නිසා මමත් නිල් අම්ම කොළ නිසා මමත් කොළ,අපි පරම්පරාවම කැපුවත් කොළ කැපුවත් නිල් ,මේවා අපි පුංචි කාලේ අහපු කතා.ඇත්තටම සන්නිවේදනයේ දියුණුවත් එක්ක මිනිස්සු ඉස්සරට වඩා බුද්ධිමත් කියලා අපි විශ්වාස කරනවා.ප්‍රාදේශීය සහ පළාත් පාලන ආයතන සඳහා චන්ද උණුසුමක් ළඟ ළඟම එන නිසා අපි තීරණය කලා අන්තර්ජාලයේ තියන හොඳ සේවාවක් පිලිබඳ ඔබව දැනුවත් කරන්න.

ඒ තමා www.manthri.lk වෙබ් අඩවිය ,මේ වෙබ් අඩවියට ගියාම ඔබට සිංහල ඉංග්‍රීසි සහ දමිල භාෂා තුනේම්ම ඔබ පත් කරපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයාගේ කෙරුවාව දන ගන්න පුළුවන්.ගමේ සද්දේ දාල පාරිලිමේන්තුව ඇතුලේ සද්ද නැතුව ඉන්නේ කවුද කියන එක නමින්ම දැනගන්න පුළුවන්.දුන් පොරොන්දු ඉටු කලාද ? ඔබ වෙනුවෙන් සමාජය වෙනුවෙන් හඬ නැගුවද කියන එක හරි පැහැදිලිව දත්ත එක්ක මෙම වෙබ් අඩවියේ දක්වලා තියනවා.

ඒ වගේම පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීලා 225 දෙනාටම rank එකකුත් දීල තියනවා තමන්ගේ හොඳ කෙරුවාවත් එක්ක.මෙම ලැයිස්තුවේ උඩින්ම ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මන්ත්‍රී වරයා ,ඒ වගේම හොඳම මන්ත්‍රීලා 10 දෙනාගෙන්ම 5 දෙනෙක් අයිති වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට.අන්තිම තුන් දෙනාගෙන් දෙන්නෙක් පසු ගිය කලේ ගොඩක් මාධ්‍ය මගින් ප්‍රසිද්ද උන දෙන්නෙක් ඒ තමා ජනක බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රී වරයා.

ඉතින් අපි වැඩි විස්තර කියන්න ඕන නැහැ .ඔබම මෙම වෙබ් අඩවිය හොඳින් පරික්ෂා කර බලන්න.ඒ වගේම මිතුරන්ව දැනුවත් කරලා ඊළඟ පාර රට හදන තැනට එවන්න ඕන මිනිස්සු කවුද කියන එක තීරණය කරන්නත් මෙය හොඳ නිදර්ශකයක් වේවි.යහපත් සමාජයක් වෙනුවෙන් එම කටයුත්තට දායක වෙන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.ඔන්න අයෙත් පාරක් ලින්ක් එක බලල ඔබම තීරණයක් ගන්න.

www.manthri.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here