ඡන්ද කල්දැමීමට එරෙහිව කොමිසමේ අප්‍රසාදය.

0
27
views

පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් යන ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් රජයට අප්‍රසාදය පළ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතාට මුලින්ම සිය විරෝධය ලිඛිතව පළ කිරීමට තීරණය කර ඇති කොමිෂන් සභාව එයද සාර්ථක නොවන්නේ නම් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටද සිය අප්‍රසාදය පළ කර යැවීමට තීරණය කර තිබේ.
ජාතික මැතිවරණ කොමිෂන් සභාව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ මූලාසනයෙන් ඉකුත් සතියේ රැස්වූ අතර එහිදී මෙම තීරණය ගෙන ඇත.
පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් යාම නිසා මැතිවරණ කොමිෂන් සභාව මෙම අප්‍රසාදය පළ කිරීමට තීරණය කර තිබේ.

ලසන්ත වීරකුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here