ජනපති, විද්‍යා දැරියගේ නිවසට – මරණ දඬුවම ක්‍රියාත්මක වේවිද ?

0
300
views

වව්නියාව දිස්ත්‍රික් නිල මෙහෙවර ජනපති ජනතා සේවය වැඩසටහනේ සමාප්ති උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ වව්නියාව ෙසෙවප්‍රගාස බාලිකා විද්‍යාලයේ දී පැවැත්විණු අතර යාපනයේදී ඝාතනයට ලක්වූ විද්‍යා දැරියගේ මව මෙහිදී ජනාධිපතිතුමා හමු විය.

පවුලේ සුව දුක් විමසීම සදහා එම නිවසට පැමිණෙන බව ජනාධිපතිතුමා එහිදී විද්‍යා දැරියගේ මව වෙත දුන් පොරොන්දුව අනුව උත්සවයෙන් අනතුරුව වව්නියාව ප්‍රදේශයේ එම නිවසට ගිය ජනාධිපතිතුමා පවුලේ සාමාජිකයින්ගේ සුවදුක් විමසීය.

විද්‍යා දැරියගේ වැඩිමහල් සොහොයුරියගේ උසස් අධ්‍යාපන කටයුතු මෙන්ම එම පවුලේ ඉදිරි කටයුතු වෙනුවෙන් ලබාදිය හැකි සියලූ උපකාර සිදුකරන බව ජනාධිපතිතුමා සදහන් කළේය.

විද්‍යා දැරියගේ ඝාතනයට අදාළ නීතිමය කටයුතු කඩිනම් කර ගැනීම ඇතුථ සාධාරණය ඉටුකර ගැනීම සදහා ජනාධිපතිතුමා දැක්වු සහය පිළිබදව මෙහිදී එම දැරියගේ මව ජනාධිපතිතුමා වෙත සිය කෘතඥතාවය පළ කර සිටියාය.

ඡායාරූප : කපිල ආරියවංශ – ජනාධිපති මාධ්‍ය අංශය

පසු සටහන

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිලිබඳ කතා බහක් පසුගිය කාලය පුරාවට ඇසුණු අතර එය කෙමෙන් වියකි ගිය අතර මෙම හමුව එම මතකය නැවත අවදිවීමක් ලෙස අන්තර්ජාලය පුරා අදහස් ප්‍රකාශ වනු දැක ගත හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here