උතුරු පළාත් ආණ්ඩුකාරවරයාට ජපුරෙන් ප්‍රදීප සම්මාන

0
25
views
Reginald Cooray
Reginald Cooray

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ආදී විද්‍යාර්තයින්ගේ සංගමය මගින් සංවිධානය කරන ලද ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම සම්මාන උළෙල පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වෙන ලදි .

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් බිහිවූ විශිෂ්ටයින් ඇගයීම වෙනුවෙන් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමා ප්‍රදීප ප්‍රණාම සම්මානයෙන් පිදූම් ලැබූ අතර මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් අධ්‍යාපනය ආරම්භ කල රෙජිනොල්ඩ් කුරේ මැතිතුමා දෙණියාය මධ්‍ය මහා විද්‍යාලයෙන් හා කඹුරුපිටිය අධ්‍යාපන නිකේතනයෙන් අධ්‍යාපනය හදාරන ලදි.

රාජ්‍ය පරිපාලන විද්‍යා උපාධිය (1969 – 1976-” පළාත් සභා මන්ත්‍රී” බස්නාහිර පළාත් මහාඅමාත්‍ය” නියෝජ්‍ය අමාත්‍ය” කැබිනට් අමාත්‍ය වශයෙන් සහ වත්මන් උතුරු පළාත් ආණ්ඩුකාර වශයෙන්ද කටයුතු කරන අතර පසුගිය කාලය පුරා පාසැල් ප්‍රතිව්‍යුහකරනය” ගුරු උපහාර” දහම් පාසැල් උපහාර හා සමෘද්ධි සංවර්ධන උපහාර උළෙල ආරම්භය” බස්නාහිර පළාතට පෙර පාසැල් ප්‍රතිප්තියක් හඳූන්වා දීම” බස්නාහිර සෞන්දර්යය නිකේතනය හා ඝණ අපද්‍රව්‍ය කලමනාකරණ අධිකාරිය පිහිටුවීම යන සේවාවන්ද මෙහිදි විශේෂයෙන් ඇගයීමට ලක්කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here