ජනපති කටාර් රාජ්‍යයේ

0
21
views

කටාර් රාජ්‍යයේ රජු වන තමීන් බින් අහමඩ් අල් තානි රජුගේ ආරාධනය පරිදී කටාර් රාජ්‍යයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ(24) රාත්‍රියේ ඩෝහා නගරයේ හමාඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළගා විය.

කටාර් ආර්ථික හා වෙළෙඳ කටයුතු අමාත්‍ය ෂෙයික් අහමඩ් බින් ජසිම් මොහොමඩ් අල්තානි මහතා ඇතුථ එරට විශේෂ නියෝජිත පිරිසක් විසින් එහිදී ජනාධිපතිතුමා පිළිගත් අතර කටාර්හි ශ්‍රී ලංකාවේ තානාපතිවරයා මෙන්ම ශ්‍රී ලංකාවේ කටාර් තානාපතිවරයා ඇතුථ පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
අනතුරුව ජනාධිපතිතුමා නවාතැන් ගන්නා හෝටලයේ ද ජනාධිපතිතුමා වෙනුවෙන් විශේෂ පිළිගැනිමේ උත්සවයක් එරට තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් සංවිධානය කර තිබුණි.

සිය දෙදින සංචාරය තුළ ජනාධිපතිතුමා කටාර් රජු සහ කටාර් අගමැතිවරයා මෙන්ම එරට අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ජනාධිපතිතුමා සහ එරට විදේශ අමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද පස්වරුවේ පැවැත්වෙයි.

ශ්‍රී ලංකා – කටාර් ව්‍යාපාරික හමුවකට ද අද පස්වරුවේ ජනාධිපතිතුමා එක්වීමට නියමිත අතර කටාර් ඉස්ලාමීය කෞතුකාගාරය නැරඹීමට ද එක්වනු ඇත.
ශ්‍රී ලාංකිකයින් 140″000 ක් පමණ මේ වන විට කටාර්හි විවිධ ක්ෂේත්‍රවල සේවයේ නිරතව සිටිති. එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමග සුහද හමුවකට ද ජනාධිපතිතුමා සිය සංචාරය තුළ එක්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here